Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යොවුන් රග්බි පිල තෝරාගනී

යොවුන් රග්බි පිල තෝරාගනී

ශනුක අරවින්ද - 2017 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජූලි මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා බහාමාස්හි, නසාවු නුවරදී පැවැත්වීමට නියමිත 6 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා මේ වන විට ශ්‍රී ලංකා වයස 18 න් පහළ සත් සාමාජික රග්බි සංචිතයක් නම් කර තිබේ. කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති පුහුණු සැසියකින් අනතුරුව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය ක්‍රීඩකයින් 12 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතය තෝරා ගෙන තිබේ.

සංචිතය සඳහා තෝරා ගනු ලැබූ ක්‍රීඩකයන් 12 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙක් නම් කිරීමටද රග්බි පාපන්දු සංගමය පියවර ගෙන තිබේ. සුදත් සම්පත් මහතා මෙම සංචිතයේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර නාලක වීරක්කොඩි මහතා එහි සහායක පුහුණුකරු ලෙස කටයුතු කරයි.

වයස 18 න් පහළ රග්බි සංචිතය -
■    නවීන් රාජරත්නම් - මහනුවර ත්‍රිත්ව විදුහල
■    විශ්ව රණරාජ් - මහනුවර ත්‍රිත්ව විදුහල
■    වොරෙන් වීරකෝන් - මහනුවර ත්‍රිත්ව විදුහල
■    මොහොමඞ් ෂාබීර් - මහනුවර ශාන්ත අන්තෝනි විදුහල
■    ඉෂාර ලියනගේ - මහනුවර ශාන්ත අන්තෝනි විදුහල
■    තරිඳු ද අල්විස් - මරදාන ශාන්ත ජෝශප් විදුහල
■    ගැමුණු චේතිය - මරදාන ශාන්ත ජෝශප් විදුහල
■    දයාන් සාබර් - කොළඹ වෙස්ලි විදුහල
■    ක්‍රිස්ටින් ඩි’ලයිල් - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
■    රවීන් ප්‍රනාන්දු - බමබලපිටිය ශාන්ත පීතර විදුහල
■    නදීෂ චමින්ද - කොළඹ ඉසිපතන විදුහල
■    දුලංජල පියතිස්ස - මහනුවර ධර්මරාජ විදුහල

අතිරේක ක්‍රීඩකයෝ -
■    ඩිලාන් කාවින්ද - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
■    හරිත් සේනානායක - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
■    තීක්ෂ ගුරුසිංහ - මහනුවර ශාන්ත අන්තෝනි විදුහල
■    එච්. දනංජය - කුරුණෑගල මලියදේව විදුහල
■    බවන්ත උදංගමුව - මහනුවර ධර්මරාජ විදුහල

-036

 


අදහස් (0)

යොවුන් රග්බි පිල තෝරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.