Last Update  :  2026-01-17 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යොවුන් නායකයෝ අතට අත දීම ප්‍රතික්ෂේප කරති
19 න් පහළ ලෝක කුසලාන

යොවුන් නායකයෝ අතට අත දීම ප්‍රතික්ෂේප කරති

editorial - 2026 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අද (17 වැනිදා) පැවැත්වෙන තරගය ආරම්භ වීමට පෙර දෙපිලේ නායකයෝ එකිනෙකාට අතට අත දී සුහදතාව පළකිරීම ප්‍රතික්ෂේප කළහ. දේශපාලන විරසකවීම් හේතුවෙන් ඉන්දියානුවන් සහ බංග්ලාදේශීන් අතර මෑතක සිට පවතින්නේ එකිනෙකා නුරුස්සනා ස්වභාවයකි. 

සිම්බාබ්වේහි බුලවාවෝ නුවරදී පැවැත්වෙන මෙම තරගයේදී බංග්ලාදේශ යොවුන් පිලේ නායක අසිසුල් හකිම් ටමීම් අසනීපව සිටින බැවින් කාසියේ වාසිය විමසා බැලීම සඳහා බංග්ලාf්දශ උප නායක සවාඩ් අබ්රාර් පිටියට පිවිසියේය. නායක ආයුෂ් මහාත්‍රේ ඉන්දීය යොවුන් පිල වෙනුවෙන් කාසියේ වාසිය විමසා බැලීමට පිවිසියේය. එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ නොරිස්සීමක් නායකයන් දෙදෙනා අතර තිබිණ. දෙදෙනාම එකිනෙකාට අතට අත දීමේ දිගු කාලීන සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කළහ. 

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ උප නායක සවාඩ් අබ්රාර් පන්දු යැවීම තෝරා ගත්තේය. එයින් පසුව දෙදෙනාම එකිනෙකාට ආසන්නයෙන් ආපසු ක්‍රීඩාගාරයට පියමං කළ නමුත් ඔව්හු එකිනෙකාගේ මුහුණ බැලීම හෝ කතා බහ කිරීමකින් තොරවම ආපසු ක්‍රීඩාගාරයට ගියහ. 

විනාඩි කිහිපයකින් පසුව දෙපිලේම ක්‍රීඩකයෝ ජාතික ගීත ගායනා කිරීම සඳහා පිටියට පිවිසියදි, ඔවුන් තරගය සඳහා ක්‍රීඩා පිටියට යන තුරුම එකිනෙකා සමගින් කතාබහ නොකළහ. 

බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහෙමාන් කොල්කටා නයිට් රයිඩර්ස් පිලෙන් නෙරපා හැරිම සම්බන්ධයෙන් සමස්ත බංග්ලාදේශයම ඉන්දියානුවන් කෙරේ උරණව සිටී. ඉන්දියානුවෝ බොහෝ දෙනෙක් මුස්ටෆිසුර් රෙහෙමාන් ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වති. එහි බංග්ලාදේශයේ සිටින හින්දූන්ට සිදුවන හිරිහැර පිළිබඳව ඉන්දියානුවෝ මහත් සේ උරණව සිටිති. 

ඡායාරූපය සහ සටහන - ඉන්දියා ටුඩේ ඇසුරිනි 

- 213

 


අදහස් (0)

යොවුන් නායකයෝ අතට අත දීම ප්‍රතික්ෂේප කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.