Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ‘කාගිල්ස් ෆුඞ් සිටි’ එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය සඳහා යුද හමුදා කණ්ඩායම සහ කඑතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම ඊයේ සුදුසුකම් ලැබූහ.
සුගතදාස පිටියේදී පෙරේදා පැවති තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් යුද හමුදා කණ්ඩායම විසින් කොළඹ කී‍්‍රඩා සමාජ කණ්ඩායම ගෝල 2-1 කට පරාජය කරන ලදී.
දෙවැනි අවසන් පූර්ව තරගය වඩාත් තියුණු මුහුණුවරක් ගැනීම නිසා දඬුවම් පහර මගින් විසඳුම ලබාගැනුණි. එහි ප‍්‍රතිඵලය වූයේ ගියවර ශූරතාව දිනාගත් නාවික හමුදා කණ්ඩායම දඬුවම් පහර 3-2 කට පරාජය කරමින් කඑතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට අනෙක් පසින් සුදුසුකම් ලබාගැනීමයි.
අවසන් පූර්ව වටයේ කැපී පෙණුනු සිදුවීම ලෙස ගියවර ශූරතාව දිනාගත් නාවික හමුදා කණ්ඩායමේ පරාජය සටහන් විය. එම තරගය නියමිත කාලයේදී ගෝල 1-1 කට ජයපරාජයෙන් තොරව අවසන් විය.
තරගය ආරම්භ වී හතරවැනි විනාඩියේදී අපි‍්‍රකානු කී‍්‍රඩක මොහොමඞ් ඩබඞීන් බ්ලූ ස්ටාර්ස් ගෝලය වාර්තා කළේය. කෙසේ වුවත් 73 වැනි විනාඩියේදී ප‍්‍රසාද් අතුකෝරල ලබාගත් ගෝලයන් සමග නාවික හමුදා කණ්ඩායම තරගයේ ලකුණු සමකිරීමට සමත්විය.
එහෙත් මංජුල ප‍්‍රනාන්දු දක්ෂලෙස දැල රකිමින් ප‍්‍රතිවාදී දඬුවම් පහර දෙකක් වළක්වා ගැනීමට සමත්වීම නිසා සමග නාවික හමුදා කණ්ඩායමට තරගාවලියෙන් සමුගැනීමට සිදුවිය.
මේ අතර ගියවර අනුශූරතාව ලද යුද හමුදා කණ්ඩායම ප‍්‍රබල කොළඹ කී‍්‍රඩා සමාජ කණ්ඩායම ගෝල 2-1 කට පරාජය කරමින් අවසන් මහ තරගයට ප‍්‍රවේශ විය.
තරගයේ 55 වැනි විනාඩියේදී රවුමි මොහිදින් කොළඹ කණ්ඩායමට ගෝලය වාර්තා කළේය. යුද හමුදා කණ්ඩායමේ මොහොමඞ් ඉසදීන් පස්වැනි විනාඩියේදී හා 50 වැනි විනාඩියේදී ගෝල 2 ක් වාර්තා කරමින් යුද හමුදාවේ ජයග‍්‍රහණයේ නියමුවා විය.
අවසන් මහ තරගය ලබන සෙනසුරාදා (22) රාතී‍්‍ර 7 ට සුගතදාස පිටියේදී පැවැත්වේ.
විනිසුරුට විරෝධය පළකළ බ්ලූස්ටාර්ස් පිලේ විදේශීය කී‍්‍රඩකයකු විනිසුරු විසින් පිටියෙන් පිටමං කිරීම නිසා 73 වැනි විනාඩියේ සිට බ්ලූස්ටාර්ස් කණ්ඩායමේ කී‍්‍රඩකයන් ගණන 10 දෙනෙකුට සීමාවිය.
(ඡායාරූපය : ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.