Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනයට කඩුල්ලක තියුණු ජයක්
ජාතික සුපිරි ලීගය

යාපනයට කඩුල්ලක තියුණු ජයක්

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර අද (26 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 360 ක ඉලක්කයක් හඹාගිය යාපනය ක්‍රීඩකයෝ ඕවර 48.5 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ නායක ජනිත් ලියනගේ පන්දු 106 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 130 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

ලකුණු 107 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී ළහිරු මධුෂංක (87) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 169 කදී ලකුණු 211 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ජනිත් සමත් වූ අතර පන්දු 79 කදී වාර්තා වූ ළහිරුගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත විය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායමට ඕවර 50  අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 359 ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල (53), ළහිරු උදාර (93), කමිල් මිෂාර (76) සහ සහන් ආරච්චිගේ (73) අර්ධ ශතක ලබාගනිමින් මහනුවර ඉනිම සවිමත් කළහ. 

එහිදී දික්වැල්ල සහ උදාර එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර සහන් සහ කමිල් එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 122 කදී ලකුණු 132 ක සම්බන්ධතාවක් ගොනැගූහ. 


මහනුවර පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 359 
(නිරෝෂන් දික්වැල්ල 53, ළහිරු උදාර 93, කමිල් මිෂාර 76, සහන් ආරච්චිගේ 73, අහන් වික්‍රමසිංහ නොදැවී 23, චමත් ගෝමස් 54/2) 

යාපනය පිල - ඕවර 48.5 කදී කඩුලු 9 ක් දැවී 360 
(හසිත බෝයගොඩ 47, රොන් චන්ද්‍රගුප්ත 25, ජනිත ලියනගේ 130, ළහිරු මධුෂංක 87, චාමික ගුණසේකර 75/3, අෂීන් ඩැනියෙල් 43/2, ළහිරු කුමාර 73/2) 

 


අදහස් (0)

යාපනයට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.