Last Update  :  2025-05-05 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යසිත - හීරා අවසන් ගැටුම 20 වැනිදා

යසිත - හීරා අවසන් ගැටුම 20 වැනිදා

ශනුක අරවින්ද - 2017 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සංවිධානය කරන එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට යසිත ද සිල්වා සහ හීරා ආෂික් අද (17 වැනිදා) සමත් වූහ.

අවසන් පූර්ව වටයේදී තියුණු තරගයකින් අනතුරුව වට 2-1 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරමින් හීරා අෂික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. යසිත ද සිල්වා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී මුෆාසල් හුසේන්ට එරෙහිව වට 2-0 ක් ලෙස පහසු ජයක් අත්කර ගනිමිනි.

තරගාවලියේ කාන්තා අවසන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු සමත් වූහ. අවසන් පූර්ව වටයේ තරග වලදී වට 2-0 ක් ලෙස සෙනුරි ඇලෙක්සැන්ඩර් පරාජය කිරීමට රුක්ෂිකා විජේසූරිය සමත් වූ අතර වට 2-0 ක් ලෙස නිම්නා ප්‍රනාන්දු පරාජය කිරීමට රොෂෙන්කා ප්‍රනාන්දු සමත් වූවාය.

ඒ අනුව යසිත ද සිල්වා සහ හීරා ආෂික් අතර පැවැත්වෙන පිරිමි අවසන් මහ තරගය මෙන්ම රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු අතර පැවැත්වෙන කාන්තා අවසන් මහ තරගයද ලබන 20 වැනිදා එස්. එස්. සී. ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේදී පැවැත්වේ.

තරගාවලියේ කාන්තා යුගල සහ මිශ්‍ර යුගල අවසන් මහ තරගත්, පිරිමි යුගල අවසන් පූර්ව තරගත් හෙට (18 වැනිදා) පැවැත්වේ.

කාන්තා කේවල අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් වන රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු කාන්තා යුගල අවසන් තරගයේදී නිම්නා ප්‍රනාන්දුට සහ ජනාලි මනම්පේරිට එරෙහිව තරග වැදීමට නියමිතය.

පිරිමි කේවල අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටින යසිත ද සිල්වා, හිටපු ජාතික ශූරියක වන අම්රිතා මුත්තයියා සමග එක්ව මිශ්‍ර යුගල අවසන් මහ තරගයේදී සංඛ අතුකෝරලට සහ සෙනුරි ඇලෙක්සැන්ඩර්ට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි.

සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වා පිරිමි යුගල ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජාට සහ අවින්ද්‍ර පෙරේරාට එරෙහිව තරග වැදීමට නියමිත අතර ප්‍රසන්න අතාවුද සහ සුරේන් බාලචන්ද්‍රන් දෙවැනි අවසන් පූර්ව තරගයේදී රුක්මාල් කුරේට සහ එන්. එස්. නිෂේන්ද්‍රන්ට එරෙහිව තරග වැදීමට නියමිතය.

අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල

පිරිමි කේවල

  • හීරා අෂික් විසින් තරග වට 2-1 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරන ලදි. (6/3, 5/7, 7/6)
  • යසිත ද සිල්වා විසින් තරග වට 2-0 ක් ලෙස මුෆාසල් හුසේන් පරාජය කරන ලදි. (6/3, 6/1)

කාන්තා කේවල

  • රුක්ෂිකා විජේසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස සෙනුරි ඇලෙක්සැන්ඩර් පරාජය කරන ලදි. (6/0, 6/1)
  • රොෂෙන්කා ප්‍රනාන්දු විසින් තරග වට 2-0 ක් ලෙස නිම්නා ප්‍රනාන්දු පරාජය කරන ලදි. (6/2, 6/3)

කාන්තා යුගල

  • රොෂෙන්කා ප්‍රනාන්දු සහ රුක්ෂිකා විජේසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස කේමාලි හේරත් සහ ශෙනාලී වීරසේකර පරාජය කරන ලදහ. (6/2, 6/4)
  • නිම්නා ප්‍රනාන්දු සහ ජනාලි මනම්පේරි විසින් තරග වට 2-0 ක් ලෙස සෙනුරි ඇලෙක්සැන්ඩර් සහ සවිනි ජයසූරිය පරාජය කරන ලදහ. (6/3, 6/2)

මිශ්‍ර යුගල

  • යසිත ද සිල්වා සහ අම්රිතා මුත්තයියා විසින් තරග වට 2-0 ක් ලෙස නුවන් ජයවික්‍රම සහ කේමාලි හේරත් පරාජය කරන ලදහ. (6/3, 6/1)
  • සංඛ අතුකෝරල සහ සෙනුරි ඇලෙක්සැන්ඩර් විසින් තරග වට 2-1 ක් ලෙස හීරා අෂික් සහ ජනාලි මනම්පේරි පරාජය කරන ලදහ. (5/7, 6/4, 10/8)

 


අදහස් (0)

යසිත - හීරා අවසන් ගැටුම 20 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.