Last Update  :  2026-01-05 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුවර්ස් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට එයි

මුවර්ස් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට එයි

editorial - 2026 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතිය ආරම්භ වන විට ‘බී’ කාණ්ඩායමේ පෙරමුණට පැමිණීමට ලකුණු 42.75 ක් ලබා සිටින මූවර්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 47.46 ක් ලබා තවදුරටත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ පසුවේ. 

පළමු සතියේ බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිවද, දෙවැනි සතියේදී ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිවද, තෙවැනි සතියේදී එන්.සී.සී. කණ්ඩායමට එරෙහිවද පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළ මුවර්ස් කණ්ඩායම, ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ සිවුවැනි සතියේදී ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් ලබමිනි. 

මුවර්ස් කණ්ඩායමේ ඉහළ නැගීමත් සමග එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවූ බී.ආර්.සී. කණ්ඩායමට පියවරක් පසුබැසීමට සිදුවිය. සිවුවැනි සතියේදී බදුරලිය කණ්ඩාය හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබූ බී.ආර්.සී. කණ්ඩායම මේ වන විට ලකුණු 28.835 ක් ලබා ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. එම කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලකුණු 27.725 කට හිමිකම් කියන එන්.සී.සී. කණ්ඩායමට හිමිව ඇති අතර ඔවුහු සිවුවැනි සතියේදී කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූහ.   

පළමු සතියේදී පානදුර කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් වාර්තා කළ පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි සතියේදී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණියහ. තෙවැනි සතියේදී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් ලබමින් ඔවුන් තවදුරටත් එම කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටියි. සිවුවැනි සතියේදී පොලිස් කණ්ඩායමට විවේකයක් හිමිවිය. 

සිවුවැනි සතියෙදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ සී.සී.සී. කණ්ඩායම ලකුණු 37.69 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. නුගේගොඩ කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සිවුවැනි සතියේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලබා ලකුණු 36.34 කට හිමිකම් කියමිනි. 

තරගාවලියේ පස්වැනි සතිය අද (2 වැනිදා) ආරම්භ වූ අතර එහිදී පානදුර පිලට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් පිල මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීත්, පොලිස් කණ්ඩායමට එරෙහිව නුගේගොඩ කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත්, සී.සී.සී. පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිල කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත්, එන්.සී.සී. පිලට එරෙහිව බදුරලිය පිල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත්, ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව කුරුණෑගල යොවුන් පිල එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, බී.ආර්.සී. පිලට එරෙහිව ඒස් කැපිටල් පිල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීත් තරග වදියි. 


අදහස් (0)

මුවර්ස් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.