Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුවර්ස් - සෙබස්තියනයිට්ස් - කෝල්ට්ස් ජය ලබයි

මුවර්ස් - සෙබස්තියනයිට්ස් - කෝල්ට්ස් ජය ලබයි

editorial - 2023 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (18 වැනිදා) පැවැති තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මුවර්ස්, සෙබස්තියනයිට්ස් සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජ සමත් වූහ. 

කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය හතරේ සීමාව අවට තෙත බරිත වීම හේතුවෙන් ඕවර 30 කට සීමා වූ අතර එහිදී කඩුලු 7 කින් පොලිසිය පරාජය මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය. නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 23 කට කඩුලු 5 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත් විය.  

පානදුර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී සී.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 4 ක ජයක් ලැබීමට සෙබස්තියනයිට්ස් කණ්ඩායමද, කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී රාගම කණ්ඩායමට එරෙහිව ලකුණු 66 ක ජයක් ලැබීමට කෝල්ට්ස් කණ්ඩායමද සමත් වූයේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවය. 

එම තරගවලදී අර්ධ ශතක ලබාගැනීමට සී.සී.සී. ක්‍රීඩා සමාජයේ සොනාල් දිනූෂ (80), කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ දුනිත් වෙල්ලාලගේ (51) සහ ජෙහාන් ඩැනියෙල් (71) සමත් වූ අතර සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයේ ඉසිත විජේසුන්දර සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ මුදිත ලක්ෂාන් කඩුලු 4 බැගින් දවාගත්හ. 


කොළඹ මුවරස් ක්‍රීඩාංගණයේදී 
මුවර්ස් පිලට කඩුලු 7 ක ජයක් 
පොලිස් පිල - ඕවර 28.5 කදී සියලු දෙනා දැවී 105 
(විෂාද් රන්දික 19, චතුරංග කුමාර 37, සුපන් මධුෂංක 18, රමේෂ් මෙන්ඩිස් 23/5, මල්ෂ තරුපති 15/2) 
මුවර්ස් පිල - ඕවර 23 කදී කඩුලු 3 ක් දැවී 106 
(කවිඳු කුලසේකර 18, පසිඳු සූරියබණ්ඩාර 16, ජනිෂ්ක පෙරේරා නොදැවී 35, රමේෂ් මෙන්ඩිස් නොදැවී 15) 


පානදුර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී 
සෙබස්තියනයිට්ස් පිලට ලකුණු 4 ක ජයක් 
සී.සී.සී. පිල ඕවර 33.5 කදී - සියලු දෙනා දැවී 177 
(කමිඳු මෙන්ඩිස් 37, සොනාල් දිනූෂ නොදැවී 80, චමිඳු විජේසිංහ 30, ඉසිත විජේසුන්දර 23/4, චරිත් රාජපක්ෂ 19/2, තරිඳු රත්නායක 24/2) 
සෙබස්තියනයිට්ස් පිල ඕවර 21 කදී - කඩුලු 4 ක් දැවී 107 
(ලොහාන් ද සොයිසා 23, දුෂාන් විමුක්ති නොදැවී 37, සචිත ජයතිලක නොදැවී 23, අසිත ප්‍රනාන්දු 17/2) 


කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගණයේදී 
කෝල්ට්ස් පිලට ලකුණු 66 ක ජයක් 
කෝල්ට්ස් පිල - ඕවර 39 කදී කඩුලු 8 ක් දැවී 213  
(දුනිත් වෙල්ලාලගේ 51, ජෙහාන් ඩැනියෙල් 71, මුදිත ලක්ෂාන් 33, ෂෙරාන් ෆොන්සේකා නොදැවී 26, සංජුල බණ්ඩාර 25/2, ජනිත ලියනගේ 41/2) 
රාගම පිල - ඕවර 27 කදී කඩුලු 7 ක් දැවී 103 
(සමින්ද ප්‍රනාන්දු 39, අවිෂ්ක තරිඳු 18, මුදිත ලක්ෂාන් 28/4, අකිල ධනංජය 16/2) 


අදහස් (0)

මුවර්ස් - සෙබස්තියනයිට්ස් - කෝල්ට්ස් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.