Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගනී

මුයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගනී

editorial - 2021 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී ටෙස්ට් තරග බිමෙන් සමුගැනීමට තීරණය කර ඇත. කෙසේ වුවත් තවදුරටත් ඔහු සීමිත ඕවර සහ විස්සයි20 තරගවලදී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සූදනමින් සිටියි.

ශ්‍රී ලංකාට එරෙහිව 2014 වසරේදී ටෙස්ට් වරම් දිනාගත් අලී, සමුගැනීම ප්‍රකාශ කරන විට ටෙස්ට් තරග 64 කදී ශතක 5 ක් සහ අර්ධ ශතක 14 ක් සමග ලකුණු 2914 ක් රැස්කරමින්, කඩුලු 195 ක් බිඳහෙළා සිටියේය. ඊට කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 5 ක්ද ඇතුළත් විය.

මේ වන විට 34 වැනි වියේ පසුවන අලී, 2019 වසරේදී එක්දින ලෝක කුසලානය ජයගත් එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයකුද විය. මෙම වසරේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ එංගලන්ත මූලික සංචිතයට ඇතුළත් වුවද, අවසන් ක්‍රීඩකයන් 15 දෙනා අතර ඔහුට ස්ථානයක් හිමි නොවීය.

“හැකි උපරිම කාලයක් ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය එහිදී ක්‍රීඩාව විඳීමට මම කැමතියි. මම ටෙස්ට් ක්‍රිකට්වලට කැමති වුණත්, ඒ වෙනුවෙන් මම ලබාදුන් දායකත්වය ප්‍රමාණවත් කියලා දැන් මට හිතෙනවා.” යැයි සමුගැනීම ප්‍රකාශට පත් කරමින් අලී පැවසීය.

එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමටද අලී සමත් වූ අතර ඩැරික් අන්ඩර්වුඞ් (කඩුලු 297) සහ ග්‍රේම් ස්වෝන් (කඩුලු 255) එම ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන් පසුවූහ.

මෙම වසරේ ජනවාරි මාසයේදී පැවැති ශ්‍රී ලංකා සංචාරය තෙක්ම ටෙස්ට් කණ්ඩායමට නැවත කැඳවීමක් නෙලැබුණ අලීට, කොරා්නා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමි විය.

කෙසේ වුවත් පෙරබරිවාරි මාසයේදී ඉන්දියාවට එරෙහිව යළිත් ටෙස්ට් පිටියට අවතීර්ණ වූ ඔහු, එහිදී කඩුලු 8 ක් දවාගැනීමට සමත් විය. ඉන් අනතුරුව ඉකුත් මාසයේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලියටද අලී සහභාගි විය.


-036


අදහස් (0)

මුයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.