Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි ඉන්දියන්ස් පතුළටම ඇද වැටෙයි
අයි.පී.එල් - 2022

මුම්බායි ඉන්දියන්ස් පතුළටම ඇද වැටෙයි

editorial - 2022 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලි 5 කදී ශූරතාව දිනාගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩාම මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී සහභාගිවූ තරග 6 ම පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට වැටී ඇත.

කඩයිම් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් මුම්බායි ඉන්දියන් පිලට ඉතිරි තරග 8 ම ජයගැනීමට සිදුවනු ඇත. නැතහොත් මෙවර තරගාවලියෙන් ඉවත් වන පළමු කණ්ඩායම බවට පත්වීමේ අවදානමකට මුම්බායි ඉන්දියන්ස් පිල මේ වනවිට පත්ව ඇත.

පසුගිය වසරේ ශූරතාව දිනාගත් චෙන්නායි පිල ආරම්භයේදී තරමක පසුබෑමකට ලක්වෙමින් සහභාගිවූ පළමු තරග 4 ම පරාජයට පත්විය. නමුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව ඔවුන් සහභාගිවූ 5 වැනි තරගය ජයගත් චෙන්නායි පිල ප්‍රසාද ලකුණු 2 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේදී මුම්බායි ඉන්දියන්ස් පිලට වඩා එක ස්ථානයක් ඉහළින් සිටී.

මෙවර ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ කෝඩුකාරයන් වන ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් දෙකත්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලත් ප්‍රසාද ලකුණු 8 බැගින් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටිති. ශුද්ධ ලකුණු වේගය මත ගුජරාට් ටයිටන්ස් (0.450), ලක්නව් සුපර් ජයන්ට්ස් (0.296) සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් (0.142) යන කණ්ඩායම් පිළිවෙලින් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හී පසුවෙති.

කෙසේ වෙතත් කඩයිම් වටය සඳහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 4 පිළිබඳ අනාවැකි පළකිරීමට දැන්ම කල්වේලා වැඩිය. මේ දක්වා අවසන් වී ඇත්තේ තරග 27 ක් පමණි.

- 2079

 


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පතුළටම ඇද වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.