Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුන්රෝගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

මුන්රෝගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොලින් මුන්රෝගේ වේගවත් ශතකය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 119 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමටද නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 136 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට මාටින් ගප්ටිල් (63) සහ කොලින් මුන්රෝ (104) සමත් වූහ. පන්දු 53 කට මුහුණදුන් මුන්රෝ හයේ පහර 10 ක් සහ හතරේ පහර 3 ක් සමගින් සිය තෙවැනි විස්සයි20 ශතකය වාර්තා කළ අතර පන්දු 38 කදී වාර්තා වූ ගප්ටිල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ටොම් බෘස් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 23 ක්ද, නායක කේන් විලියම්සන් පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 19 ක්ද රැස්කරමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 244 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට ඕවර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටිම් සවුති ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත් අතර ටේ‍රන්ට් බෝල්ට් සහ ඉෂ් සෝධි කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සවුතිට අනගි සහායක් දුන්හ.

ආරාම්භක පිතිකරුවන් වූ ක්‍රිස් ගේල් සහ චැඞ්වික් වෝල්ටන් ලකුණු නොලබා දැවී යෑමත්, පන්දු රැකීමේදී ආබාධයකට ලක්වීම නිසා ශායි හෝප් පන්දුවට පහරදීමට නොපැමිණීමත් කොදෙව් කණ්ඩායමට විශාල පාඩුවක් විය. ඇන්ඩි්‍ර ෆ්ලෙචර් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.


නවසීලන්ත පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 243
(මාටින් ගප්ටිල් 63, කොලින් මුන්රෝ 104, ටොම් බෘස් 23, කේන් විලියම්සන් 19, කාර්ලෝස් බ්‍රැත්වේට් 50/2)
 
බ.ඉ. කොදෙව් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 124
(ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 46, රෝමන් පවෙල් 16, කාර්ලෝස් බ්‍රැත්වේට් 15, ටිම් සවුති 21/3, ඉෂ් සෝධි 25/2, ටේ‍රන්ට් බෝල්ට් 29/2)


- 036

 


අදහස් (0)

මුන්රෝගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.