Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එදා මෙදා තුර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් විය. එළබෙන වසර 3 ක කාලය සඳහා ඔහුගේ සේවය මිලදී ගැනීම වෙනුවෙන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 24.75 කි. එය දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 97 ක් ඉක්මවනු ඇත.
ගුජරාට් ටයිනස් කණ්ඩායමේ හිමිකරුවන් සමග පැවැති කරට කර ලන්සු තැබීමකින් අනතුරුව මිචෙල් ස්ටාක් සිය කණ්ඩායමට ඇතුළත් කරගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූහ. ස්ටාක් සඳහා කෝටි 24.75 ක විශාල ලන්සුවක් තැබීමට පෙර එතෙක් පැවැති ඉහළම ලන්සුව වූයේ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක පැට් කමින්ස් වෙනුවෙන් තබා තිබූ ඉන්දීය රුපියල් කෝටි 20.4 ක ලන්සුවය.
චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන් පැට් කමින්ස් වෙනුවෙන් ලන්සු තැබීම ආරම්භ කළ අතර පසුව එය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර ද්වන්ද සටනක් බවට පත් විය. එය ඉන්දීය කෝටි 18.5 සීමාව පසුකර යෑමත් සමග එතෙක් ක්‍රීඩකයකු වෙනුවෙන් ඉදිරිපත්වූ ඉහළම ලන්සුවට හිමිකම් කීමට කමින්ස්ට හැකි විය. ඉකුත් වසරේදී (2023) වැඩිම මිලකට හෙවත් කෝටි 18.5 කට අලෙවි වී තිබුනේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සෑම් කරන්ය.
මේ අතර නවසීලන්ත පිතිකරු ඩැරිල් මිචෙල් ඉන්දීය රුපියල් කෝටි 14 ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටත්, බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝෂප් ඉන්දීය කෝටි 11.5 ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමටත් අලෙවි වූහ. වැඩිම මිලකට අලෙවි වූ ඉන්දීය ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටේල්ය. ඉන්දීය රුපියල් කෝටි 11.75 ක මුදලකට ඔහුගේ සේවය මිලදී ගනු ලැබුවේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසිනි.
ඩුබායි නුවර අද (19 වැනිදා) පැවැති මෙම ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් 10 සඳහා විදෙස් ක්‍රීඩකයන් 30 දෙනෙක් අලෙවි වූ අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන නුවන් තුෂාර (ඉන්දීය රුපියල් කෝටි 4.8), ඩිල්ෂාන් මධුෂංක (ඉන්දීය රුපියල් කෝටි 4.6) සහ වනිඳු හසරංග (ඉන්දීය රුපියල් කෝටි 1.5) යන ක්‍රීඩකයෝද ඇතුලත් වූහ. එහිදී අලෙවි නොවූ ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, චරිත් අසලංක සහ ළහිරු කුමාරද වූහ.
අලෙවි වූ විදෙස් ක්‍රීඩකයෝ :
■ මිචෙල් ස්ටාක් (ඕස්ට්‍රේලියාව) - කෝටි 24.75 කට කොල්කටා නයිට්රයිඩර්ස් පිලට
■ පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව) - කෝටි 20.5 කට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට
■ ඩැරිල් මිචෙල් (නවසීලන්තය) - කෝටි 14 කට චෙන්නායි සුපර් කිංග්ස් පිලට
■ අල්සාරි ජෝෂප් (බටහිර ඉන්දීය කොදෙව්) - කෝටි 11.5 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට
■ ස්පෙන්සර් ජොන්සන් (ඕස්ට්‍රේලියාව) - කෝටි 10 කට ගුජරාට් ටයිටන්ස් පිලට
■ රිලී රූසොව් (දකුණු අප්‍රිකාව) - කෝටි 8 කට පන්ජාබ් කිංග්ස් පිලට
■ රෝමන් පවෙල් (බටහිර ඉන්දීය කොදෙව්) - කෝටි 7.4 කට රාජස්ථාන් රෝයල්ස් පිලට
■ ට්‍රැවීස් හෙඩ් (ඕස්ට්‍රේලියාව) - කෝටි 6.8 කට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට
■ ජෙරල්ඩ් කොයෙට්සර් (දකුණු අප්‍රිකාව) - කෝටි 5 කට මුම්බායි ඉන්දියන්ස් පිලට
■ ජේ රිචඩ්සන් (ඕස්ට්‍රේලියාව) - කෝටි 5 කට දිල්ලි කැපිටල්ස් පිලට
■ නුවන් තුෂාර (ශ්‍රී ලංකාව) - කෝටි 4.8 කට මුම්බායි ඉන්දියන්ස් පිලට
■ ඩිල්ෂාන් මධුෂංක (ශ්‍රී ලංකාව) - කෝටි 4.6 කට මුම්බායි ඉන්දියන්ස් පිලට
■ ක්‍රිස් වෝක්ස් (එංගලන්තය) - කෝටි 4.2 කට පන්ජාබ් කිංග්ස් පිලට
■ හැරී බෘක් (එංගලන්තය) - කෝටි 4 කට දිල්ලි කැපිටල්ස් පිලට
■ ඩේවිඩ් විලී (එංගලන්තය) - කෝටි 2 කට ලක්නව් සුපර් ජයන්ට් පිලට
■ මුස්තෆිසුර් රහමන් (බංග්ලාදේශය) - කෝටි 2 කට චෙන්නායි සුපර් කිංග්ස් පිලට
■ ලොකී ෆර්ගසන් (නවසීලන්තය) - කෝටි 2 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට
■ මුජිබුර් රහමන් (ඇෆ්ඝනිස්ථානය) - කෝටි 2 කට කොල්කටා නයිට්රයිඩර්ස් පිලට
■ රචින් රවින්ද්‍ර (නවසීලන්තය) - කෝටි 1.8 කට චෙන්නායි සුපර් කිංග්ස් පිලට
■ වනිඳු හසරංග (ශ්‍රී ලංකාව) - කෝටි 1.5 කට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට
■ මොහොමඩ් නබී (ඇෆ්ඝනිස්ථානය) - කෝටි 1.5 කට මුම්බායි ඉන්දියන්ස් පිලට
■ ශර්ෆේන් රදර්ෆෝඩ් (බටහිර ඉන්දීය කොදෙව්) - කෝටි 1.5 කට කොල්කටා නයිට්රයිඩර්ස් පිලට
■ ටොම් කරන් (එංගලන්තය) - කෝටි 1.5 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට
■ ඇෂ්ටන් ටනර් (ඕස්ට්‍රේලියාව) - කෝටි 1 කට ලක්නව් සුපර් ජයන්ට් පිලට
■ ගුස් ඇට්කින්සන් (එංගලන්තය) - කෝටි 1 කට කොල්කටා නයිට්රයිඩර්ස් පිලට
■ ශායි හෝප් (බටහිර ඉන්දීය කොදෙව්) - ලක්ෂ 75 කට දිල්ලි කැපිටල්ස් පිලට
■ අස්මතුල්ලා ඔමර්සායි (ඇෆ්ඝනිස්ථානය) - ලක්ෂ 50 කට ගුජරාට් ටයිටන්ස් පිලට
■ ටි්‍රස්ටන් ස්ටබ්ස් (දකුණු අප්‍රිකාව) - ලක්ෂ 50 කට දිල්ලි කැපිටල්ස් පිලට
■ නැන්ඩි්‍ර බර්ගර් (දකුණු අප්‍රිකාව) - ලක්ෂ 50 කට රාජස්ථාන් රෝයල්ස් පිලට
■ ටොම් කොලර් කැඩ්මෝ (එංගලන්තය) - ලක්ෂ 40 කට රාජස්ථාන් රෝයල්ස් පිලට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.