Last Update  :  2025-08-24 20:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංගට අයි.පී.එල්. යන්න අවසර

මාලිංගට අයි.පී.එල්. යන්න අවසර

ශනුක අරවින්ද - 2019 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට (2019) සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 පිලේ නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ.

ශ්‍රී ලංකාවේදී ලබන මස 4 වැනිදා ආරම්භ වන අන්තර් පළාත් එක්දින තරගාවලියට ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලු ක්‍රීඩකයන් සහභාගි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනිවාර්ය කිරීමත් සමඟ මාලිංගට අයි.පී.එල්. තරග හයක් අහිමිවීමේ අවදානමක් ඇති විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ ඉල්ලීම් කීපයක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවයි.

“මාලිංග සහභාගි කරනවන ලෙස ඉන්දියවෙනුත් අපෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ වගේම අපි බැලුවා අයි.පී.එල්. තරගාවලියේ හොඳ තරගකාරිත්වයක් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පාඩුවක් වෙන්නේ නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

මුම්බායි ඉන්දියන්ස් පිල මාලිංගව ඉන්දීය රුපියල් කෝටි දෙකකට ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගත්තේය. දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් විස්සයි20 තරගය හේතුවෙන් මාලිංගට මුම්බායි පිලේ පළමු තරගය අහිමිවිය.   

 


අදහස් (0)

මාලිංගට අයි.පී.එල්. යන්න අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.