Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු

මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු

editorial - 2024 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබ ඇත. ඔහුට මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව උදා වී ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව එරෙහිව ක්‍රීඩා කළ ටෙස්ට් තරග 2 දී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ දක්ෂතා හේතුවෙනි. 

අයර්ලන්තයේ මාර්ක් ඇඩෙයාර් මෙන්ම නවසීලන්තයේ මැතිව් හෙන්රිද කමිඳුට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ. කෙසේ වුවත් එහිදී ඔවුන් දෙදෙනා පරාජය කරමින් පළමු වරට එම සම්මානයට හිමිකම් කීමට කමිඳු සමත් විය. 

2022 වසරේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් කමිඳු එහිදී ලකුණු 61 ක් රැස්කළද, ඔහුට සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා වසර 2 ක කාලයක් බලා සිටීමට සිදුවිය. දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක ලබාගනිමින් එවන් දස්කමක් දැක්වූ ක්‍රීඩකයන් අතලොස්සට එක්වූ කමිඳු, තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 92 ක් රැස්කළේය. 

බංග්ලාදේශයට එරෙහිව පැවැති එම තරග දෙකේදී 122 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 367 ක් රැස්කළ කමිඳු, දෙවැනි තරගයේදී කඩුලු 3 ක් බිඳහෙළමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය. පළමු තරගයේ පළමු ඉනිමේදී ලකුණු 57 කට කඩුලු 5 ක් බිඳවැටී තිබයදී නායක ධනංජය ද සිල්වා සමග එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 202 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කමිඳු සමත් විය.

“මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට හැකි වීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටට පත්වෙනවා. මෙය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට උත්තේජනයක් ලෙස මම සලකනවා. මෙවැනි පිළිගැනීමක් ක්‍රීඩකයන් ලෙස අපව කණ්ඩායම, රට සහ රසිකයන් වෙනුවෙන් වැඩි වැඩියෙන් දස්කම් දැක්වීමට කිරීමට පොළඹවනවා.”

“මා සමග නම් කළ අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන මාර්ක් ඇඩෙයාර් සහ මැතිව් හෙන්රිත් විශිෂ්ට ක්‍රීඩකයන් සහ හොඳ තරගකරුවන් ලෙස මම සලකන අතරම ඔවුන් සුබපැතීම සඳහාත් මෙය අවස්ථාවක් කර ගන්නවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් කමිඳු මෙන්ඩිස් කියා සිටියේය. 

 


අදහස් (0)

මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.