Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අලුතෙන්ම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලද 10 දෙනකුගෙන් යුත් කමිටුවෙන් හිටපු ටෙස්ට් ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් මහතා ඉවත්වීමට සූදානම් වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. දිගු කලක සිට රූපවාහිනී විස්තර විචාරයකු වශයෙන් කටයුතු කරන ෆර්වීස් මහරුෆ් මහතා මේ සම්බන්ධයෙන් දැනටමත් ක්‍රීඩා අමාත්‍යවරයා අමතා තමන්ගේ අදහස දන්වා ඇතැයි ද දැනගන්නට ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ වෙනත් කමිටුවක කටයුතු කිරීමට තමන් සූදානම් වන නමුත් ක්‍රිකට් ව්‍යවස්ථාව අලුතෙන් සකස් කිරීම සඳහා සම්බන්ධවීමට තමන්ගේ කිසිම අදහසක් නැති බවත් ෆර්වීස් මහරුෆ් මහතා ක්‍රීඩා ඇමතිවරයාට වාචිකව දැනුම් දී තිබේ.
කමිටුවෙන් ඉල්ලා අස්වීම සකස් කරන ලද ලිපිය අද (සඳුදා) හෝ හෙට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යැවීමට ඔහු සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ.
ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුව
විශ්‍රාමික ශ්‍රේෂ්ඨධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි (සභාපති), ආචාර්ය දුමින්ද හුලංගමුව, ආචාර්ය අරින්ත වික්‍රමනායක, ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, විශ්‍රාමික මේජර් ජනරාල් රේණුක රොබෙල්, දීප්තිකා කුලසේකර, ගයාල් කලටුවැව, හරිගුප්තා රෝහණධීර, චරිත් සේනානායක සහ ෆර්වීස් මහරුෆ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.