Last Update  :  2026-01-19 17:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර පිලට 36 - 26 ක ජයක්

මහනුවර පිලට 36 - 26 ක ජයක්

editorial - 2026 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් ශූරතා රග්බි තරගාවලියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය 36 - 26 ක් ලෙස පරාජය කරමින් මහනුවර ක්‍රීඩා සමාජ පීල ජයග්‍රහණය කළේය.

ජයග්‍රාහි මහනුවර පිල ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 3 ක් සමගින් ලකුණු රැස්කළ අතර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ පිල ගෝල දිනුම් 3 ක් සහ එක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. මෙම තරඟයේදී දෙපිලම ප්‍රසාද ලකුණු රැස් කර ගැනීමට සමත් වීමද විශේෂත්වයකි.

ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 19-07 ක් වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් විය.

තරග විනිසුරු රවින් ඇලෙක්සැන්ඩර් මහතාගේ ප්‍රථම නළා හඬින් තරගය ආරම්භ වී පළමු විනාඩියේදීම මහනුවර පිලේ හේසාන් ජැන්සන් විසින් ප්‍රතිවාදින් අන්දුන් කුන්දුන් කරමින් උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක වූ අතර ඉන් විනාඩි දෙකකට පසු නැවතත් ප්‍රතිවාදින්ගේ ලකුණු සීමාවට කඩා වැදීමට මහනුවර පිළේ ඩිලාන් ඒකනායක සමත් වු අතර එහි ප්‍රවර්තනය හිරුෂ සම්පත් විසින් සාර්ථක කර ගන්නා ලදී.

තරඟයේ 30 වැනි විනාඩියේදී හැව්ලොක්ස් පිලේ අබ්දුල් ෆායිස්  උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක කර ගන්නාලදී.

තරගයේ 35 විනාඩියේදී සහ ප්‍රථම අර්ධය නිමාවීමට මොහොතක් තිබියදී ආකාශ් මධුවන්ත සහ ඩිනාල් ඒකනායකක විසින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන අසාර්ථක විය.

දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමඟ මහනුවර ක්‍රීඩකයන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පළමු විනාඩියේදීම විදේශීය ක්‍රීඩක අමිටුනායි විසියෝ (කනිෂ්ඨ) විසින් උත්සහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක කරගන්නා ලදී.

දෙවැනි අර්ධයේ 05 වැනි විනාඩියේදී මහනුවර පිලේ ඩිල්ෂාන් පරීඩ් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය හිරුෂ සම්පත් විසින් සාර්ථක කර ගන්නා ලදී.  20 වැනි විනාඩියේදී මහනුවර පිලේ ශ්‍රීනාත් සූරිය බණ්ඩාර විසින් නැවතත් උත්සාහගතිමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

30 විනාඩියේදී සහ 35 විනාඩියේදී හැව්ලොක්ස් පිලේ අස්මින් ෆාජුදින් විසින් උත්සහක දිනුම් දෙකක් වාර්තා කළ අතර එහි එක් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සැමුවෙල් මධුවන්ත සමත් විය.

තරගය නිමාවීමට මොහොතක් තිබියදී මහනුවර පිලේ හිරුෂ සම්පත් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. තරගයේ අවසන් නළා හඬ නිකුත් වන විට ලකුණු 36-26 ක ජයක් මහනුවර පිල විසින් වාර්තා කොට තිබුණි.


අදහස් (0)

මහනුවර පිලට 36 - 26 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.