Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර පිටපිටම 7 වැනි ජයත් ලබයි

මහනුවර පිටපිටම 7 වැනි ජයත් ලබයි

editorial - 2020 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස හැව්ලොක්ස් පිටියේදී අද (18) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 22-12 කින් හැව්ලොක්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.

මහනුවර පිල පළමු වටයේ තරග හතම ජය ලබමින් අපරාජිතව දෙවැනි වටයට පැමිණීම මෙහිදී කැපී පෙනුණි.

මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-5 ක් ලෙස ලකුණු 7 කින් පමණක් පෙරමුණේ පසුවිය.

බුද්ධිම පියරත්න දෙවැනි මිනිත්තුවේදීම ක්‍රියාත්මක වෙමින් මහනුවර පිලට පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමට සමත් විය.  

නවවැනි මිනිත්තුවේදී බුවනක උඩන්ගමුව මහනුවර පිලට එකතු කළ උත්සාහක දිනුම තරින්ද රත්වත්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 12-0 ක් බවට පත්විය.

කාවින්ද කේෂාන් 27 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කළේය. ඒ අනුව ලකුණු තත්ත්වය 12-5 ක් බවට පත්විය.

 ප්‍රබල මහනුවර පිලට නවවැනි මිනිත්තුවේ සිට පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු 31 ක් තුළ ලකුණු රැස්කිරීමට අපොහොසත් වීම කැපී පෙනුණි. එහිදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල මහනුවර ක්‍රීඩකයන් පාලනය කිරීමට සමත් වූහ.  

දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී මහනුවර පිලට ලැබුණු දඩුවම් පහර තරින්ද රත්වත්ත සාර්ථක කරමින් මිනිත්තු 33 ක් පැවැති නිහැඩියාව අවසන් කළේය.

කවිඳු පෙරේරා සමස්ත තරගයේ 53 වැනි මිනිත්තුවේදී සී. ආර්. ගෝල සීමාව ආක්‍රමණය කරමින් මහනුවර පිල තව දුරටත් පෙරමුණට ගත්තේය. තරින්ද එය ද ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් ලකුණු පුවරුව 22-5 ක් බවට පත් කළේය.

ශව්කට් ළහිරු 67 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කළේය. සංදේෂ් ජයවික්‍රම එය ගෝලය් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 22-12 ක් විය.   

 

- 048


අදහස් (0)

මහනුවර පිටපිටම 7 වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.