Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහ තරග 7 කට ඩයලොග් අනුග්‍රහය

මහ තරග 7 කට ඩයලොග් අනුග්‍රහය

editorial - 2024 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ පාසල් වල සිසු දරුවන් මෙන්ම දශක ගණනාවකට ඉහතදී පාසල් හැර ගිය ආදි සිසුන්වත් ක්‍රිකට් උන්මාදයෙන් මත්කරවන මාර්තු මාසයේදී පාසල් මහ ක්‍රිකට් තරග 7 ක් සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත් වී සිටී. වසර 145 ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන, නිල් මහ සටන හෙවත් රාජකීය - සාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගයද, 19 වැනි වරටත්, ඩයලොග් අනුග්‍රහය හිමි තරග ලයිස්තුවට ඇතුළත් වෙයි. 

ලෝකයේ දීර්ඝතම කාලයක් තිස්සේ අඛණ්ඩ පැවැත්වෙන  ක්‍රිකට් තරගාවලි අතරේ දෙවැනි ස්ථානය හිමිවන්නේ රාජකීය - සාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගයයි. 1880 දී ආරම්භ කරන ලද ‘නිල් මහ සටන’ දෙවැනි වන්නේ 1878 සිට පැවැත්වෙන, ඕස්ටේ්‍රලියාවේ ඇඩිලේඞ් නුවර ඇල්බට් කුමර විද්‍යාලය සහ ඇඩිලේඞ් නුවර ශාන්ත පීතර විද්‍යාලය අතර තරගයට පමණි. 

වසර 123 ක ඉතිහාසයක් ඇති (ආරම්භය 1901 දී) යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලය අතර පැවැත්වෙන උතුරු සටන මහ තරගයත් ඩයලොග් මහ ක්‍රිකට් තරග ලයිස්තුවට ඇතුළත් වෙයි. 


ඩයලොග් අනුග්‍රහය හිමි මහ ක්‍රිකට් තරග

■ යාපනය විද්‍යාලය - යාපනයේ ශාන්ත පැට්ටි්‍රක් විද්‍යාලය (උතුරු රන් සටන) - මාර්තු 1 සහ 2 යාපනය ශාන්ත පැට්ටි්‍රක් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී 
■ රාජකීය - සාන්ත තෝමස් (නිල් මහ සටන - 145 වැන්න) - මාර්තු 7, 8 සහ 9, එස්.එස්.සී. පිටියේදී 
■ යාපනය මධ්‍ය මහා විද්‍යාල - යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය (උතුරු සටන - 124 වැන්න) - මාර්තු 7, 8 සහ 9, යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේදී 
■ මොරටුව ශාන්ත සෙබස්තියන් - වේල්ස් කුමර (මොරටු රන් හටන - 74 වැන්න) - මාර්තු 8 සහ 9 මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී
■ මහනුවර ත්‍රිත්ව - කටුගස්තොට ශාන්ත අන්තෝනි (උඩරට නිල් මහ සටන - 105 වැන්න) - මාර්තු 15 සහ 16 පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී 
■ ශාන්ත ජෝෂප් - ශාන්ත පීතර (ශාන්තුවරයන්ගේ 90 වැනි සටන) - මාර්තු 22 සහ 23 එස්.එස්.සී. පිටියේදී 
■ පානදුර ශ්‍රී සුමංගල - මොරටු විද්‍යාලය (රන් හටන - 72 වැන්න) - මාර්තු 29 සහ 30 මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී 

තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණීමේ ඉස්පාසුවක් නැති ආදි සිසුන්ට මෙන්ම ක්‍රිකට් ලෝලීන්ට ඩයලොග් ටෙලිවිෂන් හි නාලිකා අංක 126 න් හෝ, ද පපරේ ටීවී, නැතහොත් ඩයලොග් වීඅයියූ මෘදුකාංගය ඔස්සේ මෙම තරග සජීවීව නැරඹිය හැකිය. 

 

ඩයලොග් අනුග්‍රහය හිමි මහ ක්‍රිකට් තරගවල කණ්ඩායම් නායකයන් එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. මෙම පාසල්වල විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, කණ්ඩායම් භාර ගුරුවරු මෙන්ම ඩයලොග් ආසියාටා සමාගමේ ලසන්ත තෙවරප්පෙරුම (සමූහ ප්‍රධාන අළෙවි නිලධාරී), හර්ෂ සමරනායක (උප සභාපති - සන්නාම සහ මාධ්‍ය), චන්න අමරසේකර (උප සභාපති - ජාතික විකිණුම්) සහ පුබුදු අලුත්ගෙදර (ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී/ව්‍යාපාර ප්‍රධානී - ඩයලොග් ටෙලිවිෂන්) යන නිලධාරීහුද ඡායාරූපයේ සිටිති. 


අදහස් (0)

මහ තරග 7 කට ඩයලොග් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.