Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මධුශංක ගමේදී අගනා පන්දු යැවීමක
සිංහ - කැන්ගරු සටන

මධුශංක ගමේදී අගනා පන්දු යැවීමක

editorial - 2022 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හම්බන්තොට ප්‍රදේශයේදීම  උපත ලද, ඩිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමේ කඩුලු 5 ක්ම ලකුණු 98 කට බිම දමාගත් නමුත් පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යවත් පිතිහරඹය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 379 ක් ලබාගත්හ. හම්බන්තොට, සූරියවැව ක්‍රීඩංගණයේදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (14 වැනිදා) සවස ඕස්ට්‍රේලියානු ‘ඒ කණ්ඩායමේ අවසන් කඩුල්ල දැවී යාමත් සමගින් තරගය නතර කෙරිණ.

වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක, හුංගම විජයබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ වමත් වේග පන්දු යවන්නෙකි. ඔහු තරගයේ පළමු දිනය නිමාකළේ ලකුණු 62 කට කඩුලු 4 ක් දවාගනිමිනි.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් ඩිල්ෂාන්ගේ පන්දු හමුවේ මුල් පෙළ පිතිකරුවෝ තිදෙනාම ලකුණු 15 කට දැවී ගියහ. පසුව පිට දඟ පන්දු යවන ලක්ෂිත රසාංජන හමුවේ ට්‍රැවිස් හෙඩ් සහ නික් මැඩින්සන් දැවී යාම හේතුවෙන් ලකුණු පුවරුව කඩුලු 5 කට 98 ක් ලෙසින් දිස්විය.
 
එහෙත්, පසුපෙළ පිතිකරුවන් වූ ජොෂ් පිලිප්, ඒරන් හාඩි, නේතන් මැක්’ඇන්ඩෲ සහ මාක් ස්ටෙකටී එක්ව ඕස්ට්‍රේලියානු ‘ඒ’ පිල ලකුණු 379 ක් දක්වා ගෙන ගියහ.

- 213


අදහස් (0)

මධුශංක ගමේදී අගනා පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.