Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මගේ තරම මටම පෙන්නාගත්තා - කෞෂාල්

මගේ තරම මටම පෙන්නාගත්තා - කෞෂාල්

ශනුක අරවින්ද - 2015 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (19 වැනිදා) ශී‍්‍ර ලංකා පළමු ඉනිම කර තබාගෙන ගිය කෞෂාල් සිල්වා (125) සහ නායක ඇන්ජලෝ මැතිව්ස් අතර පෙරවරුවේ පැවැතියේ සාමාන්‍ය මට්ටමේ කතාබහකි. තුන්වැනි දිනයේ තරගය ආරම්භ කිරීමට පෙර දෙදෙනාම කතාබහ කළේ කඩුලූ අතර සම්බන්ධතා කිහිපයක් පවත්වාගෙන යමින් කෙසේ හෝ පළමු ඉනිමේදී ලකුණු 350 කඩයිම පසුකිරීමටයි.

එහෙත් යම් හෙයකින් කෞෂාල් සිය පියා වන කි‍්‍රකට් පුහුණුකරු පේ‍්‍රමදාස සිල්වා මහතාට කතාකළේ නම් වඩාත් වෙනස් ආකාරයේ උපදෙසක් දෙනු නොඅනුමානය. මාස දෙකකට පෙර හදවත් සැත්කමකට මුහුණ දුන් මෙම කි‍්‍රකට් ගුරුපියාණෝ මේ වන විට සිය නිවසේ විවේක සුවයෙන් පසුවෙයි.

”මගේ මුල්ම පුහුණුකරුවා වුණේ තාත්තා”

”හැම අවස්ථාවකදීම තාත්තා මා පසුපසින් සිට අවශ්‍ය ගුරුහරුකම් දුන්නා. ඒත් බොහෝ වෙලාවට මට අහන්න වෙන්නේ හොඳ නෙමෙයි. ටිකක් විතර බැණුම් තමයි” යයි කෞෂාල් සිල්වා ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවසීය.

පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවේදී මාධ්‍ය නියෝජිතයන් හමුවූ කෞෂාල් සිල්වා එසේ පැවසීය.

”අපේ පිතිකරුවන් වැඩි දෙනකුට හොඳ ආරම්භයක් ලැබුණත් ඔුවන් ඒවායින් ප‍්‍රයෝජන ගත්තේ නෑ. අපේ ඇතැම් පිතිකරුවන්ට නම් ඉතාමත් හොඳ පන්දු කිහිපයක් ලැබුණත් තවත් අය දැවී ගියේ වැරදි පහර තේරීම නිසයි”

”ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී මේ වගේ දේවල් වෙනවා. ඒත් අපේ ඊළග ඉනිමේදී අප හිතන්න  ඕන දේත් ඒකම තමයි. කොහොම වුණත් අපි දිවා ආහාරයෙන් පස්සේ හොඳින් තරගයට අවතීර්ණ වෙලා කඩුලූ 5 ක් දවාගත්තා” යයි ද කෞෂාල් සිල්වා පැවසීය.

කෞෂාල්ම පවසන පරිදි ඔහුගේ කාර්යභාරය වන්නේ ඉනිම පුරාම කඩුල්ලේ රැුඳී සිටීමයි. අද දිනයේ ඔහු කදිමට සිය වගකීම ඉටුකළේය. ඒ වෙනුවෙන් කෞෂාල් තමන්ටම අභියෝග කර තිබිණ.

පසුගිය ටෙස්ට් තරග කිහිපයකදීම ලකුණු 50 ක්, 80 ක් හෝ 90 ක් ලබාගැනීමෙන් පසුව කෞෂාල් දැවී ගිය අවස්ථා කිහිපයක්ම තිබිණ. සිය 17 වැනි ටෙස්ට් තරගයට සහභගි වෙමින් සිටින කෞෂාල් මේ දක්වා ටෙස්ට් අර්ධ ශතක 7 ක් ලබාගෙන ඇතත් මෙම තරගයට පෙර ඔහු සතුව තිබුණේ එකම ශතකයක් පමණි. එබැවින් මෙම තරගයේදී කෙසේ හෝ තම අරමුණ කරා යාමට කෞෂාල්ට අධිෂ්ඨානයක් තිබිණ.

ඇරත් ගාල්ල කී‍්‍රඩාංගණයේ ගතිස්වභාවය හොඳින්ම දන්නා කෞෂාල් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමක ආරම්භක පිතිකරුවකුට මෙම කී‍්‍රඩාංගණයේදී කළ හැකිදේත් හොඳින් දැන සිටියේය.

”මට මේ තරගයේදී ශතකයක් ලබාගෙන මගේ තරම මටම කියාදෙන්න  ඕනෑකම තිබුණා. මගේ ඉලක්කය වුණේ ඒකයි......ඒ වගේම මා එක අන්තයක සිටියදී තවත් හොඳ කඩුලූ සම්බන්ධතා දෙකක් වැටුණොත් අපට ලකුණු 350 සීමාව කරා යන්නත් පුළුවන් බව මා දැනගෙන සිටියා” යයිද කෞෂාල් සිල්වා පැවසීය.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිල හමුවේ දැන් ඇත්තේ පහසු අභියෝගයක් නොවේ.

මෙම තරගයේ ඉතිරිව ඇත්තේ තවත් දින දෙකක් පමණක් වන අතර පාකිස්තානු පිල වෙනුවෙන් කඩුල්ලේ රැඳී සිටින සර්ෆ‍්‍රාස් අහමඞ් පසුගිය තරගාවලියේ ශතක දෙකක්ම ලබාගත් තරමක් ආක‍්‍රමණශීලී පිතිකරුවෙකි. ඔහු දවාගැනීම ශී‍්‍ර ලංකා පිලේ හෙට දිනයේ පළමු ඉලක්කයයි.

”මේ දෙන්නාගෙන් එක්කෙනෙක් දවාගත්තොත්, එතැන් සිට එන්නේ පන්දු යවන්නන්. එතකොට අපට ගණුදෙනුව බේරා ගන්න පුළුවන්” යයිද කෞෂාල් පැවසීය.

ගාල්ල තණතීරුව පිට පිට දින දෙකක්ම වසාදමා තිබුණ හෙයින් වෙනදාට වඩා තරමක් වෙනස් ආකාරයට හැසිරෙ බවත් කෞෂාල් කියයි. එවන් තත්ත්වයකදී ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන්ට සිය සුපුරුදු දක්‍ෂතා දැක්විය හැකි නම් එය පාකිස්තානු පිල අමාරුවේ දැමීමට ප‍්‍රමාණවත් වනු ඇත.


අදහස් (0)

මගේ තරම මටම පෙන්නාගත්තා - කෞෂාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.