මිටිය විසි කිරීම (කාන්තා) ඉසව්ව ජාතික මහා ක‍්‍රීඩා උළෙලට හඳුන්වා දුන් අලූතම එම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඌව පළාත නියෝජනය කරන අයේෂා මධුවන්ති අද (26) සමත් වූවාය.
ඒ අනුරාධපුරය මහජන ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 40 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වෙමිනි. මනෝජි අමරසිංහ 2014 ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වෙමින් මීටර 42.14 කට පිහිටුවා තිබූ මිටිය විසි කිරීම (කාන්තා) ඉසව්වේ පැරැණි ශ්‍රී ලංකා වාර්තාව මීටර් 42.74 කට බිඳ දැමීමට එහි දී අයේෂා සමත් වූවාය.
අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගණයේ තණතිල්ල සහිත අලූතෙන් සැකසූ පිටියේ ධාවන ඉසව්වෙන්ම පිටියේ ඉසව්වලට තරග වැදීම ද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අභියෝගයක්වී තිබිය දී අයේෂානිගේ දස්කම් ඊයේ දිනයේ කැපී පෙණුනි.
ඊට හේතු වූයේ ක‍්‍රීඩාංගණ භූමිය වැස්ස හේතුවෙන් එරෙන ස්වභාවයක් ගැනීමය. අනුරාධපුර නගරයට මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිටියේ තත්ත්වය තවත් නරක අතට හැරී තිබුණි.
මේ අතර ඊයේ පස්වරුවේ අනුරාධපුර මහජන පිටියේ ආරම්භවූ 40 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම් සඳහා වන පාපන්දු අවසන් මහ තරගය ආරම්භ කළ සැණින් වර්ෂාව හේතුවෙන් අත් හැරීමට සිදු විය.
උතුරු පළාත් කණ්ඩායම හා දකුණු පළාත් කණ්ඩායම අතර පැවැත්වෙමින් තිබූ එම තරගය අකුණු සහිත ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එය ආරම්භ වී විනාඩි 10ක් ඉක්ම යාමටත් කලින් විනිසුරුවන් විසින් අත්හිටුවන ලදී.
එම තරගය හෙට (27) පෙරවරුවේ දී පැවැත්වෙන බව නිවේදනය විය. ඊයේ සහ අද (25, 26) දිනවල දී පැවැති මලල ක‍්‍රීඩා තරග ඉසව්වල දී පිටියේ ඉසව් ක‍්‍රීඩක චරිත් කපුකොටුවගේ දස්කම් කැපී පෙණුනි. එහි දී ඔහු මිටිය විසි කිරීම, කව පෙත්ත විසි කිරීම හා යගුලිය විසි කිරීම යන පිරිමි ඉසව් තුනේම රන් පදක්කම් දිනා ගනිමින් දස්කම් දැක්වීය.
මේ අතර 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උලෙළේ දී එකම නව වාර්තාව රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් පිහිටුවූ අනෝමා කරුණාවංශ ඊයේ එහි රන් පදක්කම දිනා ගත්තත් ඇයගේ දක්ෂතා මීටර 3.00 ක් දක්වා අඩු වීමට ක‍්‍රීඩාංගණයේ තත්ත්වය ද බලපෑ බව පෙනේ.
40 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙල හෙට (27) නිමාවට පත් වන අතර ඒ අනුව ඊයේ දිනය නිමා වෙන විට මලල ක‍්‍රීඩා රන් පදක්කම් හතක් ද සමග මුළු රන් පදක්කම් 72 ක් දිනා ගනිමින් මෙවරත් එහි සමස්ත ශූරතාව දිනා ගැනීම බස්නාහිර පළාත ඊයේ වන විටත් තහවුරු කර තිබුණි.
ඒ වන විට දෙවැනි ස්ථානයට පත්ව සිටි මධ්‍යම පළාත රන් පදක්කම් 34 ක් දිනා දෙවැනි තැනට පත්ව සිටියේය. අද දිනයේ තවත් බෙදා ගැනීමට ඉතිරිව තිබුණේ රන් පදක්කම් (පාපන්දු රන් පදකකම ද) 17ක් පමණි.
හෙට අවසන් දිනයේ ධාවන ඉසව් රැසක් පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වුවත් ඊයේ පස්වරුවේ පටන් ඇද හැලූණු වර්ෂාව හේතුවෙන් තණ කොළ සහිත අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගණ ධාවන පථයේ දිව යාම තරගකරුවන්ට හා තරගකාරියන්ට අභියෝගයක් බවට පත්ව තිබුණි.
උතුරු පළාත අද දිනය නිමා වන විටත් කිසිදු රන් පදක්කමක් දිනා නොගැනීම ද කැපී පෙනුනි. ඒ හේතුවෙන් ඉතිරිවී ඇති පාපන්දු රන් පදක්කම කෙරෙහි ඔවුන්ගේ දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබුණි.
ක‍්‍රීඩා උළෙලේ ජය සංකේත ප‍්‍රදානය හා සමාප්ත උත්සවය අද පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතව තිබුණි.
තරග ප‍්‍රතිඵල
* මිටිය විසිකිරීම (කාන්තා)
1. අයේෂා මධුවන්ති (ඌව මීටර 42.74) නව ශ්‍රී ලංකා වර්තාවකි*
2. අරුණි ලක්‍ෂිකා (බස්නාහිර - 37.64)
3. පෙරේෂා හයිම් (බස්නාහිර - 35.95)
*යගුලිය විසි කිරීම (පිරිමි)
1. චරිත් කපුකොටුව (වයඹ මීටර - 16.00)
2.ඒ.ජේ.ඞී. පෙරේරා (නැගෙනහිර - 15.48)
3.යූ.ඞී.පී. පෙරේරා (බස්නාහිර - 13.65)
*තුන් පිම්ම (කාන්තා)
1.එන්.සී.ඞී.පි‍්‍රයදර්ශනී (බස්නාහිර - මීටර 11.88)
2.ඞී.වී.සී.එම්.බී.තිලකරත්න (වයඹ - 11.68)
3.එල්.ඞී.ඊ. රත්නසිරි (දකුණ - 11.54)
* රිටි පැනීම (කාන්තා)
1. අනෝමා කරුණාවංශ (නැගෙනහිර - මීටර 3.00)
2. එස්.ඞී. රණසිංහ (බස්නාහිර 2.70)
3. පි‍්‍රයදර්ශනී සිල්වා (බස්නාහිර - 2.60)
*මිටිය විසි කිරීම (පිරිමි)
1. චරිත් කපුකොටුව (වයඹ - මීටර 49.69)
2. එල්.ඒ.ඊ.පී. ඇල්සන් (බස්නාහිර - 44.04)
3. එච්.පී.එස්. ජේ. අබේවර්ධන (වයඹ 43.72)
* යගුලිය විසිකිරීම (කාන්තා)
1.ඩබ්.පී.කේ.ප‍්‍රනාන්දු (බස්නාහිර මීටර 13.87)
2.පී.පී.එස්. ක්ලැරන්ස් (ඌව - 11.64)
3.ඩබ්.එම්.එස්.කේ. වීරසේකර (උතුරු මැද - 11.17)
*හෙල්ල විසි කිරීම (පිරිමි)
1. ආර්.එම්.එස්.ජේ. රණසිංහ (සබරගමුව - මීටර 68.19)
2.ඞී.එස්. රණසිංහ (දකුණ - 64.86)
3.ආර්.පී.ඩබ්.ලක්‍ෂාන් (වයඹ - 62.72)
*මීටර 5000 (පිරිමි)
1.එච්.ඒ.ටී.සී. හේමමාලි (සබරගමුව - විනාඩි 17. තත්ත්පර 43.97)
2. ඒ.එන්.එල්.ආරියදාස (සබරගමු - 18.04.77)
3.එස්.ඒ. ළමාහේවා (ඌව - 18.26.64)
*මීටර 10,000 (පිරිමි)
1. ඞී.එල්. සමරජීව (මධ්‍යම - විනාඩි 32 තත්ත්පර 26.58)
2.කේ.ඒ.එස්. රත්නායක (සබරගමුව - 32.29.30)
3. බී.යූ.විජිත කුමාර (දකුණ - 32.32.54)
*මීටර 400xකඩුලූ (කාන්තා)
1. ඩබ්.පී.ඊ.ආර්.දුලක්‍ෂි (දකුණ - විනාඩි 1 තත්ත්පර 02.42)
2. එන්.ඞී.ජී.එන්. ලක්මාලි (1.03.63)
3.ටී.ජී.එන්.ඞී. වික‍්‍රමසිංහ (වයඹ - 1.03.67)
* දුර පැනීම (පිරිමි)
1. ඒ.ඞී.ඒ. ප‍්‍රනාන්දු (වයඹ - මීටර 7.17)
2. ඞී.ඒ.විමලසිරි (මධ්‍යම - 7.02)
3.ලක්ෂාන් කොස්වත්ත.(බස්නාහිර - 6.96)
*මීටර 400 - කඩුලූ (පිරිමි)
1. එම්.ජී.සී.එච්.බණ්ඩාර (උතුරු මැද- තත්.55.43)
2.කේ.පී.ජී. නෙත්ති කුමාර (මධ්‍යම පළාත-තත්. 55.2)
3. ඒ.එල්.ඒ.අයි. රත්නායක (සබරගමුව - තත්ත්පර 55.81)
*මීටර 100X4 (පිරිමි)
1.දකුණු පළාත් කණ්ඩායම: (තත්ත්පර 42.61)
2.මධ්‍යම පළාත් කණ්ඩායම (42.87)
3.වයඹ පළත් කණ්ඩායම (43.09)
*මීටර 100X4 (කාන්තා)
1. වයඹ පළාත් කණ්ඩායමxතත්ත්පර (49.21)
2. බස්නාහිර පළාත් කණ්ඩායම (49.91)
3. මධ්‍යම පළාත් කණ්ඩායම (50.82)
*දුර පැනීම (කාන්තා)
1. එන්.ඞී.ඞී.පි‍්‍රයදර්ශනී (බස්නාහිර - මීටර 5.67)
2.එල්.ඞී.ඊ.රත්නසිරි (දකුණ - 5.58)
3.ආර්.ඩබ්.අයි. මධුවන්ති (දකුණු - 5.47)
*මීටර 800 (පිරිමි)
1.ඩබ්.ඒ.ඞී. කුමාර (බස්නාහිර - විනාඩි 1. තත්ත්පර 55.04)
2. ආර්.කේ.සී.ඩබ්. සෝමවර්ධන (සබරගමුව - 1.55.28)
3. අයි.ජී. ජයරත්න (මධ්‍යම - 1.57.79)
*මීටර 800 (කාන්තා)
1. ඩබ්.කේ.එල්.ඒ. නිමාලි (දකුණ - විනාඩි 2. තත්ත්පර 11.54)
2. ජී.ටී.ඒ. අබේරත්න (දකුණ - 2.11.28)
3. ඩබ්.පී.ඊ.ආර්. දුලක්‍ෂි (දකුණ - 2.12.45)
* රිටි පැනීම (පිරිමි)
1. එම්.එච්.අයි.සදරුවන් (බස්නාහිර - මීටර4.60)
2. එම්.අයි.සම්පත් (වයඹ - 4.30)
3. කේ. කානදීපන් (උතුර - 4.30)
*කව පෙත්ත විසිකිරීම (පිරිමි)
1. චරිත් කපුකොටුව (වයඹ - මීටර 49.42)
2. ටී.ජී.ඞී. චතුරංග (දකුණ - 43.77)
3. ඒ.පී.ටී. ජයතිලක (වයඹ - 42.62)
ඡායාරූපය - පාලිත ගුණසේන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.