අළුබඳුන තරගාවලිය අත ළඟ තිබියදී එංගලන්ත පිලට ඔස්ටේ‍්‍රලියානු පුහුණුකරුවකු පත් කරගැනීම සම්බන්ධයෙන් දැන් විවිධ මත පළවන්නට පටන්ගෙන තිබේ. ජාතිකත්වයට වඩා ක‍්‍රිකට් දර්ශනයට අනුව යමින් මේ තෝරාගැනීමට කළ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා ඉතා පැහැදිලිව කියා සිටියේය.
තමා යොවුන් ටෙස්ට් පිතිකරුවකු ලෙසින් සිටියදී කි‍්‍රකට් ක‍්‍රීඩාවේ විශිෂ්ට දියුණුවක් අත්කරගැනීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබාදුන් හිටපු පුහුණුකරුවකු වන ඩන්කන් ෆ්ලෙචර්ගේ ප‍්‍රතිරූපය බේලිස් මහතා තුළින් දකින බව ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා කීවේය. එංගලන්ත පිලේ පුහුණුකරු ලෙස 1999 දී පත්වන විට ෆ්ලෙචර් මහතා 51 වන වියේ පසුවිය. නව පුහුණුකරු ටේරවර් බේලිස් මහතා දැන් පසුවන්නේ 52 වියේය.
බේලිස් මහතා ගැන හොඳින්ම දන්නා ඔස්ටේ‍්‍රලියානුවන් කියන්නේ ඔහු බීර බොමින්, තොරතෝංචියක් නැතිව ක‍්‍රිකට් ගැන කතා කරනවා වගේම ස්වයං තීරණ ගැනීමට ක‍්‍රීඩකයන්ට ඉඩදීමෙන් ඔවුන්ගේ හොඳම දස්කම් මතු කරගැනීමට හැකිවන බව විශ්වාස කරන ජාතියේ මිනිසකු කියාය. ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතාට අවශ්‍ය වී තිබුණේ ද ඔය ටිකමය.
මේ සියල්ල අතර බේලිස් මහතා ගැන හොඳම සහතිකය දුන්නේ හිටපු ක‍්‍රීඩක ෂේන් වෝන්ය.
”ඔහු තරමක් සැරයි. හැබැයි හොඳයි”
”කණ්ඩායමෙන් ගන්න ඕන දේ ඔහු හරියටම ගනීවි. ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරුවා ලෙස ඔහු එම කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට ගෙන ගියා. ඔහු එය විශිෂ්ට ලෙස ඉටු කළා. ඒ වගේම ක‍්‍රීඩාව ගැන වෙනස් දෘෂ්ඨිකෝණයකින් බලන, එංගලන්තයෙන් පිට කෙනෙක්ව තෝරාගැනීම ඔවුන්ගේ කණ්ඩායමට සුබවාදී එකක් වේවි” යයි ෂේන් වෝන් මහතා කියා තිබිණ.
බේලිස් මහතාගේ ක‍්‍රමය නිතරම තිතට වැඩ කළ එකකි.
ඔහු පුහුණුකරු ලෙස කටයුතු කළ වැඩි අවස්ථා ගණනකදී අදාළ කණ්ඩායම ජයග‍්‍රහණයේ මුදුනටම යාමට සමත්විය. ඔහු නිවුසවුත් වේල්ස් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ 2004 හා 2014 දෙවතාවේදීම එම කණ්ඩායම ෂෙෆීල්ඞ් පළිහ දිනාගත්තේය.
කල්කටා නයිට් රයිඩර්ස් පිල දෙවරක් අයි. පී. එල්. ශූරතාව අත්කර ගත්තේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේය. එමෙන්ම 2012 බිග් බෑෂ් කුසලානය සිඞ්නි සික්සර්ස් පිල දිනාගත්තේද බේලිස් මහතා පුහුණුකරුවාව සිටියදීය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම 2011 ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබද්දී කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේද ඔහුය. පසුගිය වසරේ ඔස්ටේ‍්‍රිලියානු පිලේ නිත්‍ය පුහුණුකරු ඩැරන් ලීමන් කෙටි විවේකයක් ලබා කණ්ඩායමෙන් ඈත්ව සිටිද්දී ඔහුගේ ස්ථානයේ තාවකාලිකව කටයුතු කළ බේලිස් දකුණු අප‍්‍රිකාව සමග පැවැති විස්සයි20 තරගාවලියේ ශූරතාව දක්වා කණ්ඩායම රැුගෙන යාමට සමත්විය. ඔහු සිය කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමේ දී ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා මේ සියලූ කාරණා කාරණා ගැන සැළකිලිමත් වී ඇති බවක් පෙනේ. බේලිස්ගේ සුදුසුකම් පත‍්‍රය වෙත ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතාගේ සිත ඇදී ගියේ එක්දින තරග අංශයේ ඔහුගේ සතු මේ විශිෂ්ට වාර්තාවටය.
කොහොමවුණත් බේලිස් මහතා එංගලන්ත පිලේ පාලනය සියතට ගැනීමට නියමිතව ඇත්තේ නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගමාලාව නිමාවට පත්වීමෙන් පසුවය. එතෙක් කණ්ඩායමේ වැඩි බරක් ඉසිලීමට සහය පුහුණුකරු පෝල් ෆාබ්‍රේස්ට සිදුවනු ඇත. ඔස්ටේ‍්‍රලියානු පුහුණුකරුගේ සේවා කාලයේ පළමු ඉලක්කය වී ඇත්තේ අළුබඳුන ටෙස්ට් තරගමාලාවයි. ඒ කියන්නේ ඔහුගේ මුල්ම කාර්යභාරය ඔහුගේම රට පරාජයට පත්කිරීමය.
ලබන මස මුල් භාගයේ දී එංගලන්තයට පැමිණි වහාම ඔහු නායක ඇලිස්ටෙයාර් කුක් සමග එක්ව අළුබඳුන ටෙස්ට් තරගමාලාව ජයගැනීමේ ක‍්‍රමවේදයක් පිළිබඳව කල්පනා කරනු ඇත. ඒ සම්බන්ධයෙන් කරමින් ඔස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකරු ඩැරන් ලීමන් මහතා පැවැසුවේ බේලිස් මහතා එංගලන්ත පිලේ පුහුණුකරු ධූරය බාර ගැනීම නිසා ‘අළුබඳුන’ තරගමාලාව ඉතා තියුණු සටනක් විය හැකි බවයි.
මෙහිදී වඩාත් සැලකිල්ලට ලක්කළ යුතු කාරණය වන්නේ ‘අළුබඳුන’ තරගමාලාවට එක්වනු ඇතැයි සැලකෙන ඔස්ටේ‍්‍රලියානු පිලේ ක‍්‍රීඩකයන් 9 ක්ම නිවුසවුත් වේල්ස් ප‍්‍රාන්ත පිලේ බේලිස් යටතේ ක‍්‍රීඩා කළ අය වීමයි. මීට අමතරව ෂේන් වොට්සන් ද බේලිස් මහතා යටතේ දකුණු අප‍්‍රිකාව සමග පැවැති විස්සයි20 තරගාවලියට එක්වී සිටියේය.
අළු බඳුන තරගාවලියේ පළමු තරගය ලබන ජූලි මස 8 වැනිදා කාඩිෆ් නුවරදී ආරම්භ කෙරෙන අතර එංගලන්ත පිල ඒ සඳහා නිසි පරිදි සූදානම් කිරීමට බේලිස් මහතාට ඇති තරම් කාලය තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.