Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෙංගලූරු ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති
අයි.පී.එල්. - 2024

බෙංගලූරු ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

editorial - 2024 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 41 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම අතර හයිද්‍රාබාද් නුවර රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 35 ක ජයක් වාර්තා කිරීමට බෙංගලූරු කණ්ඩායම සමත් විය.

මෙවර තරගාවලියේදී බෙංගලූරු කණ්ඩායම ලැබූ දෙවැනි ජය මෙන්ම හයිද්‍රාබාද් කණ්ඩායම ලැබූ තෙවැනි පරාජයද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද්  කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. කැමරන් ග්‍රීන්, කරන් ශර්මා සහ ස්වප්නිල් සිං කඩුලු 2 බැගින් බිඳහෙළමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බෙංගලූරු ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 206 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු විරාට් කෝලි (51) සහ රජට් පටීදාර් (50) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 43 කදී වාර්තා වූ කෝලිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පන්දු 20 කට මුහුණදුන් පටීදාර් හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර කෝලි සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 20 කට ක්‍රීඩා කළ කැමරන් ග්‍රීන් එහිදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කළේය. 

 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 206 
(විරාට් කෝලි 51, ෆෆ් ඩුප්ලෙසි 25, රජට් පටීදාර් 50, කැමරන් ග්‍රීන් නොදැවී 37, ජයදේව් උනාඞ්කට් 30/3, ටී. නටරාජන් 39/2)

රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 171
(අභිෂේක් ශර්මා 31, ශාබාස් අහමඞ් 40, පැට් කමින්ස් 31, කැමරන් ග්‍රීන් 12/2,  කරන් ශර්මා 29/2, ස්වප්නිල් සිං 40/2)

 

-036

 

 


අදහස් (0)

බෙංගලූරු ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.