Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බුවනෙක - සචින් - තිළිණි ද්විත්ව ශූරතා දිනති

බුවනෙක - සචින් - තිළිණි ද්විත්ව ශූරතා දිනති

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සමග එක්ව සංවිධානය කළ ‘ඩිෆෙන්ඩර්ස්’ විවෘත බැඞ්මින්ටන් ශූරතාවලියේදී පිරිමි සහ කාන්තා ද්විත්ව ශූරතා දිනාගැනීමට බුවනෙක ගුණතික, සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා සමත් වූහ. 

තරග වට 2-0 ක් ලෙස හසිත චානක පරාජය කරමින් පිරිමි කේවල ශූරතාව දිනාගත් බුවනෙක ගුණතිලක, පිරිමි යුගල ශූරතාව දිනාගත්තේ සචින් ඩයස් සමග එක්ව තරග වට 2-0 ක් ලෙස ඔමාල් ධර්මවර්ධන සහ රවිඳු රණතුංග පරාජය කරමිනි. 

බුවනෙක සහභාගි වූ පිරිමි කේවල අවසන් පූර්ව තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී තරග වට 2-1 ක් ලෙස ජාතික ශූර දිනූක කරුණාරත්න පරාජය කිරීමට ඔහු සමත් විය. හසිත චානක එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස දුමිඳු අබේවික්‍රම පරාජය කරමිනි. 

තරග වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් පරාජය කරමින් කාන්තා කේවල ශූරතාව දිනාගත් තිළිණි හෙන්ඳහේවා, මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීවේ සචින් ඩයස් සමග එක්ව බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්න පරාජය කරමිනි. 

අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කරමින් තිළිණි අවසන් කාන්තා කේවල මහ තරගයට සුදුසුකම් ලැබූ අතර ඩිල්මි එහි අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී නදීෂා ගයන්තිට හමුවේ නිතරග ජයක් ලබමිනි. 

තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්න තරග වට 2-0 ක් ලෙස පරාජය කළ අචිනි රත්නසිරි සහ උපුලු සමන්තිකා තරගාවලියේ කාන්තා යුගල ශූරතාවට හිමිකම් කීහ. 

මෙම තරගාවලිය පනාගොඩ යුද හමුදා කඳවුරු ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහභාගි විය. 

තරග ප්‍රතිඵල 

පිරිමි කේවල 
බුවනෙක ගුණතිලක විසින් තරග වට 2-0 ක් ලෙස හසිත චානක පරාජය කරන ලදි. (21/14, 21/13) 

පිරිමි යුගල 
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් තරග වට 2-0 ක් ලෙස ඔමාල් ධර්මවර්ධන සහ රවිඳු රණතුංග පරාජය කරන ලදි. (21/08, 21/09) 

කාන්තා කේවල 
තිළිණි හෙන්ඳහේවා විසින් තරග වට 2-1 ක් ලෙස ඩිල්මි ඩයස් පරාජය කරන ලදි. (20/21, 26/24, 21/09) 

කාන්තා යුගල 
අචිනි රත්නසිරි සහ උපුලු සමන්තිකා විසින් තරග වට 2-0 ක් ලෙස තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්න පරාජය කරන ලදි. (21/18, 21/12) 

මිශ්‍ර යුගල 
තිළිණි හෙන්ඳහේවා සහ සචින් ඩයස් විසින් තරග වට 2-0 ක් ලෙස බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්න පරාජය කරන ලදි. (21/12, 21/08) 


අදහස් (0)

බුවනෙක - සචින් - තිළිණි ද්විත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.