කිලෝ මීටර් 387ක දුරක් පැය 9 විනාඩි 19 තත්ත්පර 28ක දී ගෙවා දැමූ කිසිදු අදියරක් ජයනොගත් බුද්ධික වර්ණකුලසූරිය අද (03) හිඟුරක්ගොඩ දී නිමාව දුටු 20 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ජයග්‍රහණය අනපේක්ෂිත ආකාරයෙන් හිමිකර ගත්තේය.
මෙවර සවාරියේ පළමු අදියර සෙසු තරගකරුවන්ට වඩා විනාඩි තුනක පමණ කාලයක් ඉදිරියෙන් පසුවෙමින් ජයගත් සුරංග රණවීරට ඒ සඳහා වැඩි අවස්ථාවක් හිමිව ඇතැයි බොහෝ දෙනකු අපේක්ෂා කළත් ඔහුට සමස්ත තරගයේ දී හිමිවූයේ නව වැනි ස්ථානයයි.
ඊයේ (02) දෙවැනි අදියර ජයගත් සුභාෂ් මධුශංඛට මෙන්ම අද (03) තෙවැනි (අවසන්) අදියර ජයගත් අවිශ්ක මැඩොන්සාට සමස්ත තරගයේ දී මුල් පෙළේ ස්ථාන හිමි නොවීම එහිදී කැපී පෙණුනු සිදුවීමක් විය.
කොළඹින් තරගය ආරම්භ කරන විට තරගකරුවෝ 145 දෙනකු ගමන් ඇරැඹුවත් ඊයේ සමස්ත තරගය අවසන් කිරීමට සමත් වූයේ 86 දෙනකු පමණි.
මෙවර තරගය ජයගත් ගුවන් හමුදා ක්‍රීඩක බුද්ධික වර්ණකුලසූරිය මීට පෙරත් එය ජයගත් ක්‍රීඩකයෙකි. ඒ අතර පසුගිය සාෆ් ක්‍රීඩා උළෙලේ දී (2016) රන් පදක්කම් දෙකක් දිනාගත් ජීවන් ජයසිංහගේ මෙම තරගයේ දක්ෂතා අවම තත්ත්වයකට පත්ව තිබුණේ ඔහුව 60 වැනි ස්ථානයට පත් කරමිනි.
මෙවර සමස්ත තරගයේ දී තරගකරුවන්ගේ වේගය කිලෝ මීටර 43.9ක අගයක් ගත් බව ප්‍රධාන තරග තීරක උපුල් චන්දන ප්‍රියනාත් මහතා පවසයි. දඹුල්ලේ සිට හිඟුරක්ගොඩ දක්වා කිලෝ මීටර් 65ක දුරකින් යුත් ගුවන් හමුදා සංවත්සර කාන්තා (රේසින්) පාපැදි තරගයේ ජය මෙවර හිමි වූයේ ක්‍රීඩිකාවන් පිරිසක් සමඟ එක පොදියට තරගය අවසන් කළ ගුවන් හමුදා ක්‍රීඩිකා සමාලි ප්‍රලෝචනා පැය 2 විනාඩි 1 තත්පර 6 කට එහි ජයග්‍රහණය ලැබීය. මහේෂ් ධර්මසේන මහතා මෙවර 20 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ප්‍රධාන තරග කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය.
20 වැනි ගුවන් හමුදා (මහනුවර සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 154) තරග ප්‍රතිඵල
1. සුභාෂ් මධුශංඛ (නාවික හමුදාව - පැය 3 විනාඩි 25 තත්පර 32)
2. මධුශංඛ ප්‍රනාන්දු (ගුවන් හමුදාව - 3.25.32)
3. චාමික සඳුන් කුමාර (සුපර් විලර්ස් - 3.25.32)
තෙවැනි (අවසන්) අදියර තරග ප්‍රතිඵලය -
(අනුරාධපුරය සිට පොලොන්නරුව දක්වා කිලෝමීටර 126)
1. අවිශ්ක මැඩොන්සා (ගුවන් හමුදාව - පැය 2 විනාඩි 53 තත්පර 27)
2. සුපුන් කුමාර (යුද හමුදාව) 2.53.27)
3. ෂෙනාල් චමෝද් සිල්වා (වරාය - 2.53.27)
සමස්ත තරගයේ ප්‍රතිඵලය (අදියර තුනේ එකතුව කිලෝමීටර 387).
1. බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව - පැය 9. විනාඩි 19 තත්පර 28)
2. පැතුම් සම්පත් වීරසිංහ (යුද හමුදාව - 9.20.05)
3. ශෙනාල් චමෝද් සිල්වා (වරාය - 9.20.6)
4. පසිඳු ලක්ෂාන් (නාවික හමුදාව - 9.20.6)
5. ගිහාන් පුෂ්පකුමාර (යුද හමුදාව - 9.20.12)
6. චතුර මධුශාන් ද සිල්වා (දෙහිවල ගල්කිස්ස - 9.20.13)
7. ඩබ්.ඒ.කේ.එස්. රණසිංහ (වරාය - 9.20.14)
8. දර්ශන ප්‍රසාද් (නාවික හමුදාව - 9.20.25)
9. සුරංග රණවීර (දෙහිවල-ගල්කිස්ස - 9.20.52)
10. අවිශ්ක මැඩොන්සා (වරාය - 9.21.15)
කාන්තා පාපැදි තරගයේ ප්‍රතිඵලය: (දඹුල්ලේ සිට පොලොන්නරුව දක්වා කිලෝමීටර් 65)
1. පංචාලි සුලෝචනා (ගුවන් හමුදාව - පැය 2 විනාඩි 1 තත්පර 06)
2. නිලූකා ශ්‍යාමලී (සිවිල් ආරක්ෂක - 2.1.06)
3. දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව - 2.1.06)
20 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ දක්ෂතම තරගකරුවෝ:
1. හොඳම කඳු නැගීමේ ශූරයා: සුරංග රණවීර (දෙහිවල-ගල්කිස්ස)
2. හොඳම වේගවත්ම (ස්ප්‍රින්ට්) තරගකරු: පසිඳු ලක්ෂාන් (නාවික හමුදාව)
3. වයස 23න් පහළ හොඳම ක්‍රීඩකයා: ෂෙනාල් චමෝද් සිල්වා (වරාය අධිකාරිය).
හොඳම කණ්ඩායම: ගුවන් හමුදා පාපැදි ක්‍රීඩා සමාජය (බුද්ධික වර්ණකුලසූරිය, නිදුෂ් නිරන්ත හා මදුශංඛ ප්‍රනාන්දු යන එම කණ්ඩායමේ ඉදිරියෙන්ම පසුවූ ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කර ගනිමිනි).
|
පිරිමි ශූරතාව දිනාගත් බුද්ධික වර්ණකුලසූරිය |
|
කාන්තා ශූරතාව දිනාගත් පංචාලි සුලෝචනා |
|
පිරිමි ශූරතාව දිනාගත් කණ්ඩායම |
|
කාන්තා ශූරතාව දිනාගත් කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.