Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බැලන්ටයින් - ඉර් චෝ අයන් මෑන් ශූරතා දිනති

බැලන්ටයින් - ඉර් චෝ අයන් මෑන් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

රටවල් 58 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 775 ක් සහභාගි වූ ‘අයන් මෑන් 70.3’ ජාත්‍යන්තර තුන් ප්‍රයාම තරගයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාවේ ටිම් බැලන්ටයින්ද, කාන්තා ශූරතාව දිනාගැනීමට සිංගප්පුරුවේ ලිං ඉර් චෝද සමත් වූහ.

පැය 4 යි, මිනිත්තු 10 යි, තත්පර 13 ක කාලයක් වාර්තා කරමින් ටිම් බැලන්ටයින් පිරිමි තරගය ජයගැනීමට සමත් වූ අතර ලිං ඉර් චෝට කාන්තා තරගය අවසන් කිරීම සඳහා පැය 4 යි, මිනිත්තු 41 යි, තත්පර 39 ක කාලයක් ගත විය.

එක්සත් රාජධානියේ පියරේ ලෆයින්ඩි පිරිමි අංශයේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර ඇමරිකා එක්සත් ජනපදයේ මැට්ස් ඇලන් එහි තෙවැනි ස්ථානයට පත් විය. ඕස්ට්‍රේලියාවේ කිම්බලි මැකිනි සහ ඉන්දුනීසියාවේ ඉන්ගේ ප්‍රාසෙට්යෝ පිළිවෙලින් කාන්තා අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

පැය 4 යි, මිනිත්තු 41 යි, තත්පර 18 ක කාලයක් වාර්තා කළ අෂ්වින් දොරනේගම තරගය නිමා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වූ අතර අසිත් පෙරේරා (පැය 4:43:12) සහ සම්පත් බණ්ඩාර (පැය 4:44:14) දෙවැනි සහ තෙවැනි ශ්‍රී ලාංකිකයන් ලෙස තරගය අවසන් කළහ.

අදිරය තුනකින් සමන්විත වූ මෙම තරගාවලියේදී තරගකරුවන්ට පිළිවෙලින් ගාලු මුවදොර මුහුදේ කිලෝ මීටර් 1.9 ක දුරක් පිහිනීමටත්, කොළඹ කොටුව වටා කිලෝ මිටර් 90 ක දුරක් පා පැදියක් පැද යෑමටත්, කිලෝ මීටර් 21.1 ක දුරක් දිවීමටත් සිදු විය. එය ආසන්න වශයෙන් හැතැම්ම 70.3 ක් පමණ විය.

‘ප්‍රෝ ආම් සෙරන්ඩිබ්’ සමාගම සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කටයුතු කළ අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහය විජය පුවත්පත් සමාගමෙනි.

ශ්‍රැංග්‍රිලා හෝටලය, මාස්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සෙලින්කෝ, හේලීස්, ඇඞ්වෙන්ටීස්, ඩිල්මා තේ, ආසිරි, ඇඩිඩාස්, එස්.අයි.එස්., කැන්ට්‍රා එල්.එම්.ආර්.බී., රොටරැක්, ග්‍රැවිටි, බර්නාඞ්ස්, රේන්බෝ, ස්පිනර්ස් සහ 230අයි තරගාවලියේ සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කළහ.


පිරිමි තරග ප්‍රතිඵල
1 ටිම් බැලන්ටයින් (ඕස්ට්‍රේලියාව)  - පැය 4:10:13
2 පියරේ ලෆයින්ඩි (එක්සත් රාජධානිය) - පැය 4:20:22
3 මැට්ස් ඇලන් (ඇමරිකා එක්සත් ජනපදය) - පැය 4:27:12


කාන්තා තරග ප්‍රතිඵල
1 ලිං ඉර් චෝ (සිංගප්පුරුව) - පැය 4:41:39
2 කිම්බර්ලි මැකිනි (ඕස්ට්‍රේලියාව) - පැය 4:43:22
3 ඉන්ගේ ප්‍රාසෙට්යෝ (ඉන්දුනීසියාව) - පැය 4:52:32


දක්ෂතම ශ්‍රී ලංකා තරගකරුවෝ
1 අෂ්වින් දොරනේගම - පැය 4:41:18
2 අසිත් පෙරේරා - පැය 4:43:12
3 සම්පත් බණ්ඩාර - පැය 4:44:14

 

ඡායාරූප - කුෂාන් පතිරාජ


අදහස් (0)

බැලන්ටයින් - ඉර් චෝ අයන් මෑන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.