Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බැඩ්මින්ටන් කණ්ඩායමෙන් ‘කරූ’ලා ඉවතට

බැඩ්මින්ටන් කණ්ඩායමෙන් ‘කරූ’ලා ඉවතට

ශනුක අරවින්ද - 2016 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් ‘සාග්’ ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් (පිරිමි) කණ්ඩායම අද (28) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් වු අතර ඊට නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න ඇතුළත් නොකෙරිණ.

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට යන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායමට මෙම කී‍්‍රඩකයන් දෙදෙනා ඇතුළත් කර ගැනීම සදහා ක‍්‍රීඩා ඇමැතිවරයාට සහ ජාතික තේරීම් කමිටුවට ඉල්ලීම් ඉදිරිපත්වීමත් සමග සාග් ක‍්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා (පිරිමි) බැඞ්මින්ටන් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කිරීම අත්හිටුවීමට සිදු විය. පසුව ඒ සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක්ද උද්ගත විය.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය හා ජාතික බැඞ්මින්ටන් තේරීම් කමිටුව ඒ සම්බන්‍ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ තේරීම් තරග ස`දහා සහභාගි නොවු ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කළ නොහැකි බවයි.

එයින් තේරීම් සදහා සහභාගි වු ක‍්‍රීඩකයන්ට අසාධාරණයක් සිදු වන බවත්, ඔවුහූ පෙන්වා දුන්හ.

මෙරට ප‍්‍රමුඛතම බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් වන නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න සොහොයුරන් ප‍්‍රකාශ කර සිටියේ විදෙස් තරග සංචාරයකට සහභාගිවී සිටි බැවින් සාග් තේරීම් සදහා සහභාගිවීමේ අවස්ථාව තමන්ට අහිමි වී ගිය බවයි. එහෙත් ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමය ප‍්‍රකාශ කළේ තේරීම් තරග පැවැත්වෙන දින වකවානු පිළිබඳව මෙම කී‍්‍රඩකයන් දෙදෙනාටම දැනුම් දුන්නද ඔවුන් අදාළ දැන්වීම නොසලකා විදේශ ගතවූ බවයි.

පෙබරවාරී මස 5 වැනිදා ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ ‘ගුවාතිහි හා ශිිලොන්’ යන නගරවලදී ආරම්භවන 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 475 දෙනෙක් හා නිලධාරීහූ 169 දෙනෙක් ඇතුළත්වෙති. මීට අමතරව ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් 56 දෙනෙක් නිරීක්‍ෂකයෝ ලෙසත්, පළාත් සභා නියෝජනය කරමින් නිලධාරීහූ 27 දෙනෙක් හා ශ්‍රී ලංකා නිල කණ්ඩායමේ අවස්ථාව නොලැබුණු නිලධාරීන් 20 දෙනෙක්ද පළාත් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂකවරු නවදෙනෙක්ද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ක‍්‍රීඩා ඇමැති, නියෝජ්‍ය ඇමැති, අමාත්‍යංශ ලේකම්, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු කීප දෙනකුත් සාග් ක‍්‍රීඩා උළෙල නැරඹීම සදහා ඉන්දියාව බලා යාමට සුදානමින් සිටිති. ක‍්‍රීඩා ඇමැතිවරයා ඇතුළු මෙරට දූත පිරිසක් ශ්‍රී ලංකාවේ අති විශේෂ ආරාධිතයන් ලෙස සාග් ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගිවීමට නියමිතය.

ශී‍්‍ර ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගිවන වැඩිම කණ්ඩායම මෙය වන බවද වාර්තාවේ.

 


අදහස් (0)

බැඩ්මින්ටන් කණ්ඩායමෙන් ‘කරූ’ලා ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.