Last Update  :  2025-06-29 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බැඩ්මින්ටන් තහනම ඉවතට

බැඩ්මින්ටන් තහනම ඉවතට

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ලෝක බැඞ්මින්ටන් සම්මේලනය අද (10 වැනිදා) පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙනිය මහතා වෙත ලිපියක් යොමුකරමින් ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ ලේකම් තෝමස් ලූන්ඞ් මහතා මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමය දැනුම්වත් කර තිබේ.

ඉකුත්දා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයේදී ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නිලධාරියෙකු ඉදිරියේ පැවැති නිලවරණය, ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ව්‍යවස්ථාවට අනුකූල සාධාරණ නිලවරණයක් ලෙස පිළිගන්නා බවත් එම ලිපියේ සඳහන් වේ.

එමෙන්ම තම උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් සංගම් ව්‍යවස්ථාවට නව සංශෝධන ඇතුළත් කිරීමට එකග වීම සම්බන්ධයෙන් ලෝක බැඞ්මින්ටන් සම්මේලනය සතුටට පත්වන බවත්, නිලවරණයේදී තේරී පත්වූ නව නිලධාරී මණ්ඩලයට සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා සුබ පතන බවත් ලිපියේ සඳහන් වේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ තහනම ඉවත් කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමා මහත් සතුටට පත්වන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට කී‍්‍රඩා අමාත්‍යවරයා, කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටුව දුන් සහයෝගයට තමා ස්තූතිවන්ත වන බවත්ය.

”අපි හුගක් මහන්සි වුණා මේ තහනම ඉවත්කරගන්න. ඒකට අපිට ලෝක බැඞ්මින්ටන් සම්මේලනය සමග හුඟක් රැුස්වීම් වලට සහභාගී වෙන්න සිදුවුණා. ඒ කොහොම වුණත් අපි ලෝක බැඞ්මින්ටන් සම්මේලනයට අවශ්‍ය විදිහට අපේ ව්‍යවස්ථාවේ යම් යම් කරුණු වෙනස් කරගෙන නැවත නිලවරණය තිබ්බට පස්සේ තමා එයාලා තහනම ඉවත් කළේ.” තවදුරටත් අදහස් දැක්වූ දන්දෙණිය මහතා පැවසීය.

”දැන් ඉතින් අපිට ආයෙමත් ජත්‍යන්තර තරගාවලි වලට සහභාගී වෙන්න, ජත්‍යන්තර තරගාවලි සංවිධානය කරන්න පුළුවන්. ඒ වුණත් ලෝක බැඞ්මින්ටන් සම්මේලනයෙන් එවපු ලියුමේ පැහැදිලිවම තියෙනවා අපි ඉදිරියෙදී ගන්න කි‍්‍රයාමාර්ග සම්බන්ධව එයාලා දැඩි අවධානයෙන් ඉන්නවා කියලා.” දන්දෙණිය මහතා සඳහන් කළේය.

 


අදහස් (0)

බැඩ්මින්ටන් තහනම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.