Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනිද්දා (3 වැනිදා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලවරණය නීත්‍යානූකූල නොවන නිලවරණයක් බව සංගමයේ හිටපු ලේකම්වරයකු වන මොහාන් විජේසිංහ මහතා චෝදනා කරයි. ඒ පිළිබඳව සඳහන් කරමින් තමා කී‍්‍රඩා අමාත්‍යවරයාට සහ කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි යොමු කළද මේ වන තුරුත් එම ලිපි වලට ඔවුන්ගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණ බවද විජේසිංහ කියා සිටියි.
තම ලිපි වලට කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණ නිසා කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මුණගැසී මේ සම්බන්ධව සාකච්ඡ කළ නමුත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට එරෙහිව ලෝක බැඞ්මින්ටන් සම්මේලනය විසින් පනවන ලද තහනම ලිහිල් කොට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට විදෙස් තරගාවලි වලට සහභාගී වීමට ලබාදුන් අවස්ථාව අහිමිවී යාමට ඉඩකඩ ඇති හෙයින් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිලවරණයට එරෙහිව පියවරක් ගැනීමට පසුබට වූ බව විජේසිංහ මහතා සඳහන් කරයි.
බැඞ්මින්ටන් සංගමයේ නව ව්‍යවස්ථාවට එක්කර ඇති සංශෝධන කී‍්‍රඩා පනතේ රෙගුලාසි වලට නොගැළපෙන බවත්, නව ව්‍යවස්ථාව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත්කර ඒ සඳහා අනුමැතිය ලබාගෙන නොමැති බැවින් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබෙන තෙක් නව ව්‍යවස්ථාව පිළිගත නොහැකි බවත් විජේසිංහ මහතා කියා සිටියි.
මෙම නිලවරණය නව ව්‍යවස්ථාවට අනුව පවත්වන බව බැඞ්මින්ටන් සංගමයේ වත්මන් සභාපති සුරාජ් දන්දෙණිය මහතා කියා සිටී. එහෙත් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගැනීමට තවමත් ඉදිරිපත් කර නැති (වලංගු නැති) ව්‍යවස්ථාවකට අනුව නිලවරණයක් පැවැත්වීම නීති විරෝධී කි‍්‍රයාවක් බවත් විජේසිංහ මහතා පවසයි.
නිලවරණයේ නාමයෝජනා ඉකුත් නොවැම්බර් මස 23 වැනිදා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයේදී විවෘත කෙරුණු නමුත් ඒ සඳහා කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ඔහුගේ නියෝජිතයෙක් පැමිණ නොසිටියේය. එය කී‍්‍රඩා පනතේ රෙගුලාසියක් උල්ලංඝනය කිරීමක් බවද පවසන විජේසිංහ මහතා, එම සිදුවීම සම්බන්ධයෙන් පියවරක් ගැනීමට කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත් අපොහොසත්වී ඇති බවද සඳහන් කරයි.
මෙම නිලවරණයේද සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී සිටින සුරාජ් දන්දෙණිය මහතා 2013 වසරේ සිට මේ දක්වා වසර 2 ක කාලයක් සභාපති ධූරය දරා ඇති නිසා කී‍්‍රඩා ඔහුට නැවත වරක් නිලවරණයට ඉදිරිපත් වීමට කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් නාම යෝජනා බාර දෙන තෙක්ම ඔහු වත්මන් කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නොසිටි බැවින් ඔහුගේ නාම යෝජනාවද නීත්‍යනුකූල නොවන බවටද විජේසිංහ මහතා චොදනා කරයි.
කෙසේ වුවත් නාමයෝජනා විවෘත කරන අවස්ථාවේදී දන්දෙණිය මහතා කියා ඇත්තේ තමාට නිලවරණය සඳහා ඉදිරිපත්වීමට හිටපු කී‍්‍රඩා ඇමති නවීන් දිසානායක මහතාගේ අවසරය හිමිවූ බවයි. එහෙත් තොරතුරු දත් අය කියා සිටින්නේ දන්දෙණිය මහතාට හිටපු කී‍්‍රඩා ඇමාත්‍යවරයාගේ අවසරය හිමිවූයේ මෙම නිලවරණයට ඉදිරිපත් වීම සඳහා නොව, ඉකුත් ජූලි මාසයේ පැවැති නිලවරණයට ඉදිරිපත්වීම සඳහා බවයි.
මෙම නිලවරණය නීතිවිරෝධී නිලවරණයක් බැවින් තමා ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් නොකළ බව විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටී.
බැඞ්මින්ටන් සංගමයේ සහකාර ලේකම්වරිය වන ජයමිණී ඉලේපෙරුම මහත්මියට තම විරෝධතා ලිපිය යොමුකළද, විරෝධතා බාර ගැනීම අවසන් වූ නොවැම්බර් මස 28 වැනිදා වන තෙක්ම එම විරෝධතාව කිසිවකුගේ අවධානයට ලක් නොවීම ඉතා කණගාටුවට කරුණක් බවද විජේසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.