Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රැත්වෙයිට් සටන්කාමී පිතිහරඹයක
පර්ත් ටෙස්ට් තරගය

බ්‍රැත්වෙයිට් සටන්කාමී පිතිහරඹයක

editorial - 2022 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගය ජයගැනීම සඳහා ලකුණු 498 ක ඉලක්කයක් කරා යමින් සිටින කොදෙව්වෝ, තරගයේ සිව්වැනි දිනය වූ අද (03 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටියහ.

නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ගේ ශතකයෙන් (නොදැවී 101) සවිමත් වූ කොදෙව් කණ්ඩායමට තරගය ජයගැනීමට නම් අවසන් දිනයේදී තවත් ලකුණු 306 ක් ලබාගත යුතුව තිබේ.
කෙදෙව්වන් අත දැනට ඇත්තේ කඩුලු 7 ක් පමණි.

ඈත ඉලක්කයක් කරා යාම ආරම්භ කළ කොදෙව්වෝ අද තේ පානය වන විට කිසිවකු නොදැවී ලකුණු 84 ක් ලබා සිටියහ. තේ පානයෙන් පසුව කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් එයින් සසළ නොවූ ඔව්හු එම කාලය ඇතුළත තවත් ලකුණු 108 ක් ලබාගත්හ.

කොදෙව් පිල ලකුණු 283 කට දවාගැනීම නිසා මුල් ඉනිමේදී ලකුණු 315 ක වාසියක් තිබුණ නමුත් නැවත වරක් පිති අතට ගත් ඕස්ටේ්‍රලියානුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 182 ක් ලබාගනිමින් කොදෙව්වන්ගේ ඉලක්කය ලකුණු 498 ක් තරම ඈතට ඇදගෙන ගියහ.

මුල් ඉනිමේදී ද්විත්ව ශතකයක් ලැබූ මානස් ලැබුස්ෂේන් දුර්ලභ දස්කමක් දක්වමින් දෙවැනි ඉනිමේදීත් ශතකයක් ලබාගත්තේය. වසර 145 ක ටෙස්ට් ඉතිහාසයේදී මුල් ඉනිමේ ද්විත්ව ශතකයක් ලබාගත් පිතිකරුවන් අතුරින් දෙවැනි ඉනිමේදීත් ශතකයක් ලබාගෙන ඇත්තේ පිතිකරුවන් 8 දෙනකු පමණි.

ඩග් වෝල්ටර්ස් (ඕස්ට්‍රේලියාව), සුනිල් ගවස්කාර්(ඉන්දියාව), ලෝරන්ස් රෝ(බ.ඉ.කොදෙව්), ග්‍රෙග් චැපල් (ඕස්ට්‍රේලියාව), ග්‍රැහැම් ගූච්(එංගලන්තය), බ්‍රයන් ලාරා (බ.ඉ.කොදෙව්) සහ කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) එවන් දස්කමක් කළ සෙසු පිතිකරුවෝ වෙති.

ඕස්ට්‍රේලියානු නායකයා මෙන්ම ප්‍රධානතම වේග පන්දු යවන්නා ද වන පැට් කමින්ස්ගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු ආපසු ක්‍රීඩාගාරයට ගියේය. එතැන් සිට ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවීය.

ටෙස්ට් ඉතිහාසයේදී කිසිම කණ්ඩායමක් ලකුණු 498 ක ඉලක්කයක් කරා සාර්ථකව ගොස් නැත. එබැවින්, අඩුතරමේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට හෝ පැය 10 කට මඳක් වැඩි කාලයකදී ඕවර 154 කට මුහුණ දීමට කොදෙව්වන්ට සිදුව තිබේ. කෙසේ වෙතත් ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සහ ටැජෙනරීන් චන්ද්‍රපෝල් ප්‍රවේශම් සහගතව ඉදිරියට යමින් තේ පානය වන විට ලකුණු 84 ක් පුවරුවට එක් කළහ.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 4 ට 598 යි
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 283 යි
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 2 ට 182 යි

(ඩේවිඩ් වෝනර් 48, මානස් ලැබුෂේන් නොදැවී 104, ස්ටීවන් ස්මිත් නොදැවී 20)
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 192 යි
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් නොදැවී 101, ටැජෙනරීන් චන්ද්‍රපෝල් 45, ෂෙමාරා බෲක්ස් 11, ජර්මෙන් බ්ලැක්වුඩ් 24, නේතන් ලයන් 54/2)

- 213


අදහස් (0)

බ්‍රැත්වෙයිට් සටන්කාමී පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.