රාජකීය තුරඟ තරග සමාජය සිවුවැනි වරටත් සංවිධානය කරන නුවරඑළිය බක්මහ සැණකෙළි තුරඟ තරග මාලාව අදියර 3 කින් සමන්විත වන අතර එහි එක් අදියරකදී තරග 5 බැගින් පැවැත්වීමට නියමිතය.
ඉන් ගිම්හාන සහ වසන්ත තරගාවලිය මාර්තු මස 31 වැනිදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා තුරඟ තරග ඉතිහාසයේ පැරණිතම තුරඟ තරගාවලිය වන ආණ්ඩුකාර කුසලාන සහ රැජින කුසලාන තරගාවලිය අප්‍රේල් මස 15 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නගරාධිපති කුසලාන සහ රාජකීය තුරඟ තරග සමාජයේ ප්‍රධානතම තරගාවලිය වන මැජික් මිලියනර් කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ අප්‍රේල් මස 21 වැනිදාය.
දැනට නුවරඑළිය තුරග සමාජය යටතේ අශ්වයින් 60 කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර මෙවර තරගාවලිය අශ්වයන් සඳහා 50 ආසන්න ප්‍රමාණයක් තරග වැදීමට නියමිතය. තරගාවලිය සදහා නව අශ්වයන් කිහිප දෙනෙක් ඉන්දියාවෙන් ගෙන්වීමටද සූදානමක් පවතී.
මෙවර තරගාවලියේදී ගාමිණී ජයරත්න, ඬේවිඞ් ඇන්තනි, හසන්ත ජයරත්න, ජේ.ආර්. ඉරුගල් බණ්ඩාර, ප්‍රතිව් දෝරයි, ජේම්ස් මැතිව්, අනුර දෙල්ගොඩ, දීප්තිකා ජයකොඩි, අජන්ත ද සොයිසා, ධනවර්ධන ගුරුගේ යන මහත්ම මහත්මීන්ගේ මෙන්ම අංජලී අශ්වගාලේ සහ ෆියර්ලස් අශ්වගාලේ අශ්වයන්ද තරග වදිති.
එහිදී පළමු පංතියේ අසුන් අතර හසංග ජයරත්න මහතාගේ ‘මෙහෙරාන්’ අසු සහ දීප්තිකා ජයකොඩි මෙනෙවියගේ ‘අල්කසබා‘ වෙළඹ ඉදිරියෙන්ම සිටිති. කෙසේ වුවත් මෙවර තරග මාලාවේදී ඬේවිඞ් ඇන්තනි මහතාගේ ‘පරුසරම්’ සහ ඇන්ජලි අශ්වගාලේ ‘ස්ටෝම්පටෙල්’ යන අසුන්ගෙන් අල්කසබාට සහ මෙහෙරාන්ට දැඩි අභියෝගයක් එල්ලවනු ඇතැයි විචාරකයෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.