Last Update  :  2026-01-22 16:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයේ ඉරණම අද විසඳෙයි
ලෝක කුසලාන තරගාවලිය

බංග්ලාදේශයේ ඉරණම අද විසඳෙයි

editorial - 2026 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ඩකා, බංග්ලාදේශය (ප්‍රංශ පුවත් සේවය)

ලෝක කුසලාන තරග ඉන්දීයාවේදී ක්‍රීඩා කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව බලපෑම් කරමින් සිටින නමුත් තමන් “බලහත්කාරයට” යටත් නොවන බව බංග්ලාදේශය කියයි. ඒ අනුව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී “ඉන්දියාවේ ක්‍රීඩා කරන්න අපි සූදානම් නෑ” යයි කියන බංග්ලාදේශයේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.

ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් තමන්ගේ ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේදී පවත්වන මෙන් බංග්ලාදේශය දිගින් දිගටම අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉල්ලීම් කළේය. මෙම අර්බුදය නිමාවට පත්කිරීම සඳහා පසුගිය සති අන්තයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් සහ බංග්ලාදේශය අතර පැවැති සාකච්ඡා ද අසාර්ථක විය. 

ඩකා රජය ප්‍රකාශ කළේ තමන්ගේ ස්ථාවරය වෙනස් කිරීමට බලපෑම් නොකළ යුතු බවයි. 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බදාදා (21 වැනිදා) දිනය ඇතුළත ස්ථිර වචනයක් නොදුන්නොත් බංග්ලාදේශය තරගාවලියෙන් නෙරපා හැර ඒ වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට කැඳවන බවයි. 

”අපි තර්කානුකූලව වලංගු හේතු නිසා ස්ථානය වෙනස් කරන ලෙස ඉල්ලා තිබෙනවා,” යයි බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ තරුණ හා ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් මහතා අඟහරුවාදා රජයේ ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 7 වැනිදා ආරම්භ වෙයි. ඒ වෙනුවෙන් ඇත්තේ යන්තම් සති දෙකකට වැඩි කාලයක් පමණි. මූලික වටයේදී බංග්ලාදේශය සහභාගි වන තරග 4 කොල්කටා සහ මුම්බායි නගර වලදී පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශ නායක ලිටන් දාස් පැවසුවේ ලෝක කුසලාන තරගාවලිය සඳහා තම කණ්ඩායම සහභාගී වේදැයි තමාට අදහසක් නොමැති බවයි.

“මේ සම්බන්ධයෙන් මම ඉන්නේ කොතැනද කියලාවත් මට ස්ථිරව කියන්න බෑ. හැමෝම ඒ වගේ අවිනිශ්චිත ස්ථාවරයක ඉන්නේ” යයි දේශීය තරඟයකින් පසුව ලිටන් දාස් වාර්තාකරුවන්ට පැවසීය. 

”මේ මොහොතේ, මුළු බංග්ලාදේශයම ඉන්නේ ඒ ගැන අවිනිශ්චිත තත්ත්වයක” යයි බංග්ලාදේශයේ ප්‍රකට පුවත පතක් වන ප්‍රොතොම් අලෝ පුවත්පතට ලිටන් දාස් පැවසීය. මේ අතර බංග්ලාදේශයේ තරඟ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් දන්වා නැතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය කියයි. 

එක් යෝජනාවක් නම්, බංග්ලාදේශය වෙනුවට ලෝක කුසලානයට සුදුසුකම් නොලබන ඉහළම ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම වන ස්කොට්ලන්තය ආදේශ කළ හැකි බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් කැඳවීමක් ලැබී නැති බවත්, අවසන් මොහොතේදී හෝ “ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙන්න” යන ආරාධනාව ලැබුණහොත් ඒ සඳහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බවත් ස්කොට්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බී.බී.සී. පුවත් සේවයට පවසා තිබේ. 

මේ සියල්ල ආරම්භ වූයේ මුස්ටෆිසුර් රෙහෙමාන් කණ්ඩායමෙන් ඉවත් කරන ලද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකරුවන්ට නියෝග කිරීමෙන් පසුවය. ඒ සමගින් ඉන්දියාව සම්බන්ධයෙන් බංග්ලාදේශය තුළ තදවල විරෝධයක් ගොඩනැඟිණ. 

 - 213


අදහස් (0)

බංග්ලාදේශයේ ඉරණම අද විසඳෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.