Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අපි‍්‍රකාවේ පෝර්ට් එළිසබෙත් නුවර, ශාන්ත ජෝර්ජ් උද්‍යානයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද (ඉරිදා) බංග්ලාදේශ මුල් ඉනිම ලකුණු 217 කට සීමාකළ දකුණු අපි‍්‍රකානුවෝ තරගයෙන් ජයගැනීම සඳහා හැකිනම් ලකුණු 413 ක් ලබාගන්නා ලෙස බංග්ලාදේශ පිතිකරුවන්ට අභියෝග කළහ. එහෙත් අද දිනයේ කී‍්‍රඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 27 කට කඩුලූ 3 ක් අහිමි කරගෙන සිටියේය.
තරගයේ දින දෙකක් ඉතිිරිව තිබියදී, දකුණු අපි‍්‍රකානුවෝ ලකුණු 386 ක් ඉදිරියෙන් සිටිති.
ලකුණු 236 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත් දකුණු අපි‍්‍රකාවට පිට පිටම දෙවැනි වතාවටත් බංග්ලාදේශ පිතිකරුවන් පිටියට යැවිය හැකිව තිබිණ. එහෙත් සත්කාරකයෝ ආක‍්‍රමණශීලී ලෙස පන්දුවට පහර දෙමින් සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අභියෝගය බංග්ලාදේශය වෙතටම තල්ලූ කළහ.
දකුණු අපි‍්‍රකාව සිය දෙවැනි ඉනිමේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 176 ක් ලබා ඉනිම අහවර කළේ බංග්ලාදේශය දවාගැනීමට දින දෙකකටත් වැඩි කාලයක් ඉතිරි කරගනිමිනි.
අද සවස තේ පානය වන විට දකුණු අපි‍්‍රකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටියේය. ඒ වන විට සාරල් අර්වී නොදැවී ලකුණු 40ක් ලබා සිටි අතර මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 236 ක වාසියත් සමගින් බංග්ලාදේශය ලකුණු 320 ක් ඉදිරියෙන් සිටියේය. තේ පානයෙන් පසුව, ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකළ දකුණු අපි‍්‍රකානුවෝ ඕවර 20 කින් තවත් ලකුණු 96 ක් ලබාගත්තේ ඕවරයකදී ලකුණු 5 කට ආසන්න වේගයක් පවත්වාගෙන යමිනි.
දකුණු අපි‍්‍රකානුවන් ලබාගත් ලකුණු 453 ට පිළිතුරු සොයා යද්දී බංග්ලාදේශය වරෙක කඩුලූ 5 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටියේ පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමේ හොඳ අවස්ථාවක් තබා ගනිමිනි. මුෂ්ෆිකුර් රහීම් (51) සහ යසීර් අලී (46) එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නමුත් කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ යසීර් අලී දැවී යෑමෙන් පසු සෙසු පිතිකරුවෝ සටනකින් තොරවම යටත් වූහ.
දඟපන්දු යවන්නන් වූ සයිමන් හාමර් සහ කේෂව් මහාරාජ් එක්ව අවසන් කඩුලූ 5 ම ලකුණු 25 ක් ඇතුළත බිඳ හෙළමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 217 කට සීමා කළහ.
දකුණු අපි‍්‍රකාව - පළමු ඉනිම 453
බංග්ලාදේශය - පළමු ඉනිම 217
(ටමීම් ඉක්බාල් 47, නජ්මුල් හොසේන් 33, මුෂ්ෆිකුර් රහීම් 51, ලිටන් දාස් 11, යසීර් අලී 46, මෙහෙදි හසන් 11, ඩුඇන් ඔලිවර් 39/2, සයිමන් හාමර් 39/3, කේෂව් මහාරාජ් 57/2, වියාන් මල්ඩර් 25/3)
දකුණු අපි‍්‍රකාව - දෙවැනි ඉනිම කඩුලූ 6 ට 176
(සාල් අර්වී 41, ඞීන් එල්ගා 26, කීගන් පීටර්සන් 14, ටෙම්බා බවුමා 30, රයාන් රිකල්ටන් 12, කයිල් වර්රීන් නොදැවී 39, තයිජුල් ඉස්ලාම් 67/3, මෙහෙදි හසන් 34/2)
බංග්ලාදේශය - දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 27
(ටමීම් ඉක්බාල් 13, කේෂව් මහාරාජ් 17/2)
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.