Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට කඩුලු 9 ක ජයක්
3 වැනි එක්දින තරගය

බංග්ලාදේශයට කඩුලු 9 ක ජයක්

editorial - 2023 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව නේපියර් නුවරදී පැවති තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට බංගලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම සිය පළමු එක්දින ජයග්‍රහණය ලබාගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයන් සමත් වූයේ නවසීලන්තය අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාගනිමිනි. 

රචින් රවීන්ද්‍ර හතරවැනි ඕවරයේදී දවාගත් ටැන්සිම් හසන් සකීබ්, ලකුණු 22 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඉවත් කිරීමට සමත් වූයේය. 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ විල් යංග් (26) සහ ටොම් ලෙතම් (21) එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 36 ක් එක් කළද, ලේතම් දැවී යාමත් සමගින් ලකුණු 40 ක් ඇතුළත නවසීලන්තයේ අවසන් කඩුලු 8 ම ඇද වැටිණ. සෞම්‍ය සර්කාර් විසින් ජොෂ් ක්ලාක්සන්, ඇඩම් මිල්න් සහ ආදිත්‍ය අශෝක් යන තිදෙනාම දවාගන්නා ලදි. මුස්ටෆිසුර් රහ්මාන් අවසන් කඩුල්ල දවා ගනිමින් නවසීලන්ත ඉනිම නිමා කළේය. 

බංග්ලාදේශයේ ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර්ගේ දකුණු ඇසට යමක් වැදීමෙන් ඔහු මහත් අපහසුතාවට පත්විය. දිගින් දිගටම පිතිහරඹයේ යෙදීමට නොහැකි වීමෙන් සාර්කර් ආපසු ක්‍රීඩාගාරයට යන විට බංග්ලාදේශ ලකුණු සංඛ්‍යාව 15 ක් වී තිබිණ. එහෙත් අනමුල් හක් ඊළඟ ඕවරයේ ජේකබ් ඩෆීට හතරේ පහර දෙකක් ගැසීමත් සමගින් බංග්ලාදේශ පිතිකරුවෝ වඩාත් ආක්‍රමණශීලී ලකුණු රැස්කිරීමකට පිළිපන්හ. 

අනමුල් හක් (37) නජ්මුල් හොසේන් ශන්ටෝ පන්දු 42 කින් සිය අර්ධ ශතකය වාර්තා කිරීමත් සමගම බංග්ලාදේශයේ ජයග්‍රහණය ද සම්පූර්ණ කළේය. 


නවසීලන්තය - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 98 යි
(විල් යංග් 26, ටොම් ලෙතම් 21, ජොෂ් ක්ලාක්සන් 16, ආදිත්‍යා අශෝක් 10, ෂොරිෆුල් ඉස්ලාම් 22/3, ටැන්සිම් හසන් සකීබ් 14/3, සෞම්‍ය සාර්කර් 18/3)

බංග්ලාදේශය - ඕවර 15.1 කදී කඩුලු 1 ක් දැවී 99 යි
(අනමුල් හක් 37, නජ්මුල් හොෂේන් ශන්ටෝ නොදැවී 51)

- 213


අදහස් (0)

බංග්ලාදේශයට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.