
බංග්ලාදේශය සහභාගි වන ලෝක කුසලාන තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙනයාමට කළ ඉල්ලීම අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ඒ සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමකදී 14 - 2 ක් ලෙස බංග්ලාදේශයේ යෝජනාව පරාජයට පත් වූ බව ඉන්දීය ආරංචි මාර්ග වලින් කියැවේ.
ලෝක කුසලාන තරග සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කරන්නේ නම් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවට වෙනත් කණ්ඩායමක් (ස්කොට්ලන්තය) කැඳවනු ලබන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි. ඒ වෙනුවෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා බංග්ලාදේශයට පැය 24 ක කාලයක් දී තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ස්ථාවරය වන්නේ ආරක්‍ෂක හේතූන් මත තරගාවලියේ කාලසටහන වෙනස් කිරීමට පියවර නොගන්නා බවයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.