Last Update  :  2026-01-05 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

editorial - 2026 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) අටවැනි සතියේ තරගයක් ලෙස පොලිසිය සහ නාවික හමුදාව අතර අද (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14-10 ක ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. පොලිසිය මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය. 

පොලිස් කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගණය වන බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 10-07 ක් ලෙස නාවික හමුදා ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී නාවික හමුදාව ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර පොලිසිය ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී දෙපිලම කරට කර සටනක නිරත වූ අතර එහිදී නාවික හමුදාවට එකදු ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් නොදුන් පොලිස් ක්‍රීඩකයෝ ගෝල දිනුමක් මගින් ලකුණු 7 ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව තරගය නිමාවන විට ලකුණු 14-10 ක් ලෙස පොලිස් ක්‍රීඩකයෝ නාවික හමුදාවට වඩා ලකුණු 7 ක් ඉදිරියෙන් සිටියහ. 

තරගයේ පළමු විනාඩි 20 පුරා දෙපිලම ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ අතර 21 වැනි විනාඩියේදී සුජාන් කොඩිතුවක්කු ලබාගත් උත්සාහක දිනුමත්, ප්‍රින්ස් චාමර සාර්ථක කරගත් එහි ප්‍රවර්ථනයත් සමග ලකුණු 7-0 ක් ලෙස පොලිසිය තරගයට අවතීර්ණ විය. 31 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් තිළිණ වීරසිංහ 7-3 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති පරතරය අඩු කළේය. 

පළමු අර්ධය නිමාවීමට විනාඩි 3 ක් ඉතිරිව තිබියදී එනම් 37 වැනි විනාඩියේදී ඉසුරු කෝන්ගහවත්ත ලබාගත් උත්සාහක දිනුමත් සමග ලකුණු 8-7 ක් ලෙස පොලිසිය පසුකර යෑමට නාවික හමුදාවට හැකි වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් තිළිණ වීරසිංහ ලකුණු 10-7 ක් ලෙස පළමු අර්ධය නිමාවට පත්කිරීම සඳහා නාවික හමුදාවට අවස්ථාව උදාකර දුන්නේය. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 9 ක් ගතවන විට උත්සාහක දිනුමක් ලබාගනිමින් එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගත් ප්‍රින්ස් චාමර ලකුණු 14-10 ක් ලෙස යළිත් වරක් පොලිසිය තරගයේ පෙරමුණට ගෙන ආවේය. කෙසේ වුවත් 52 වැනි විනාඩියේදී පොලිස් කණ්ඩායමේ හෆීස් තාබිත්ට අපරික්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. 


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.