Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කිරන් පොලාඞ්ගේ (83) අනපේක්‍ෂිත ප්‍රහාරය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 24 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (10) රාත්‍රී පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලු තුනකින් කිංග්ස් XI පංජාබ් පිල පරාජය කිරීමට සමත් විය.
මුම්බායි පිල මේ වන විට තරග හයකදී ජයග්‍රහණ හතරක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණ සිටියි.
මුම්බායි පිල ලකුණු 198 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී සම්පූර්ණ කළේය.
මුම්බායි පිලට අවසන් ඕවරයට ලකුණු 15 ක් රැස්කිරීමට සිදුවූ අතර අවසන් පන්දුවේදී අල්ෂාරි ජෝශප් ලකුණු දෙකක් ලබාගනිමින් ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.
කිරන් පොලාඞ් පන්දු 31 කින් ලකුණු 83 ක් රැස්කරමින් තරගය කණපිට පෙරළීමට සමත් විය. පොලාඞ්ගේ ඉනිමට හතරේ පහර තුනක් සහ හයේ පහර 10 ක් ඇතුළත් විය.
වේගය පන්දු යවන මොහොමඞ් ශාමි ලකුණු 21 කට කඩුලු තුනක් දවාගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් පංජාබ් පිල 11 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ලකුණු සියය සම්පූර්ණ කළ ද අවසන් පන්දු 58 දී ලකුණු 97 ක් පමණක් රැස්කිරීමෙන් ලකුණු 200 ඉක්මවා යෑමට තිබූ අවස්ථාව මඟ හැරුණි.
ලෝකේෂ් රාහුල් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 64 කින් නොදැවී ලකුණු 100 ක් රැස් කිරීමට සමත් විය. රාහුල්ගේ ඉනිමට හතරේ පහර හයක් සහ හයේ පහර හයක් ඇතුළත් විය.
ක්‍රිස් ගේල් පන්දු 36 කින් හතරේ පහර තුනක් සහ හයේ පහර හතක් සමගින් ලකුණු 63 ක් රැස්කර සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ගේල් පන්දු 31 කින් අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
ලෝකේෂ් රාහුල් සහ ක්‍රිස් ගේල් පන්දු 77 කින් ලකුණු 116 ක අනගි ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වූහ.
පංජාබ් පිල සිවුවැනි ඕවරය අවසන් වන විට ලකුණු 20 ක් පමණක් ලබා ලකුණු පහක වේගයක් පමණක් රදවාගෙන සිටියේය. ජේසන් බරෙන්ඩර්ෆ් යැවූ ඉනිමේ පස්වැනි ඕවරයට ක්‍රිස් ගේල් හයේ පහර තුනක් සහ හතරේ පහරකින් ලකුණු 23 ක් (1,6,6,0,4,6) රැස්කිරීමෙන් ලකුණු වේගය අට පසු කළේය.
ජේසන් බරෙන්ඩර්ෆ් සිය පළමු ඕවර දෙක ලකුණු අටකට අවසන් කර තිබියදී මෙම ප්‍රහාරයට ලක්විය.
මුම්බායි පිලේ නායක සුපිරි පිතිකරු රෝහිත් ශර්මා මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඞ් තාවකාලික නායකයා ලෙස කටයුතු කළේය.
මුම්බායි පිලේ තාවකාලික නායක කිරන් පොලාඞ් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 197
(ක්‍රිස් ගේල් 63, ලෝකේෂ් රාහුල් නොදැවී 100, හර්ද්‍රික් පාණ්ඩියා 57/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 198
(කුවින්ටන් ඩි කොක් 24, සූර්යකුමාර් යාදේව් 21, කිරන් පොලාඞ් 83, හර්ද්‍රික් පාණ්ඩියා 19, අල්ෂාරි ජෝශප් නොදැවී 15, මොහොමඞ් ශාමි 21/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.