ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා මේ වසර අගදී සිය තනතුරෙන් ඉවත්ව යන හෙයින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නව පුහුණුකරුවකු සොයා ගැනීම සඳහා අවධානය යොමුකර තිබේ.
එම තනතුර සඳහා මේ වන විට කි‍්‍රකට් ලෝකයේ ඉදිරියෙන්ම සිටින පුහුණුකරුවන් තිදෙනකුගේ නම් නිර්දේශ වී ඇතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා දැන්වීම් පළ කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.
මේ වන විටත් සැලකිල්ලට බඳුන් වී සිටින පුහුණුකරුවන් අතුරින් දෙදෙනකු වන ටේරවර් පෙනී මහතා සහ පෝල් ෆාබ‍්‍රාසස් මහතා මීට පෙරද ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙසින් කටයුතු කර ඇති අතර එංගලන්ත පිලේ හිටපු පුහුණුකරුවකු වන පීටර් මුවර්ස් මහතාගේ නමද කි‍්‍රකට් බලධාරීන් වැඩිදෙනකුගේ කතාබහට ලක්වී තිබේ.
දස්කම් අතින් මේ වන විට කි‍්‍රකට් ලෝකයේ පහළම අඩියට වැටී සිටින සිම්බාබ්වේ කි‍්‍රකට් කී‍්‍රඩාවට ටෙස්ට් තත්ත්වය දිනා දුන් කී‍්‍රඩකයන් වූත්, පසුව කි‍්‍රකට් පුහුණුකරුවන් වශයෙන් ලොව දස අත නම රැන්දුවන් වූත්, ඬේවිඞ් හවුටන්, ඇන්ඩි ෆ්ලවර් සහ ඩන්කන් ෆ්ලෙචර් ගැනද අවධානය යොමු වී තිබේ.
ඔවුන්ට අමතරව, කලකට ඉහතදී කි‍්‍රකට් ලෝකයේ සිටි ප‍්‍රබලතම කී‍්‍රඩකයන් වූ ස්ටීවන් ෆ්ලෙමින්, හීත් ස්ටී‍්‍රක්, ටොම් මූඩි සහ ජෝන් රයිට් මෙන්ම ශී‍්‍ර ලාංකිකයන් වන රෝයි ඩයස්, මාවන් අතපත්තු සහ චන්දික හතුරුසිංහද මෙම තනතුර සඳහා ඉදිරිපත් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව හා සම්බන්ධ දේශපාලන බලපෑම් පිළිබඳ දන්නා, හිටපු පුහුණුකරුවකුද වන ටොම් මූඩි මහතා නැවතත් මෙම තනතුර සඳහා ඉදිරිපත් නොවෙතැයි කි‍්‍රකට් නිලධාරීන් ඇතැමකුගේ මතය වන අතරම ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශී‍්‍ර ලාංකිකයකු වෙනුවට විදේශිකයකු පත්කර සහාය පුහුණුකරු තනතුර සඳහා ශී‍්‍ර ලාංකිකයකු පත්කරගැනීමට කි‍්‍රකට් විධායක කමිටු නිලධාරීන් බහුතරයකගේ කැමැත්ත හිමිවී ඇතැයිද දැනගන්නට තිබේ.
”ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා විදේශිකයකුට වැඩි මනාපයක් දැක්වීමට හේතුව අපි තවමත් විදේශිකයන්ට ගැති වී සිටින නිසා කියල කවුරුහරි කිව්වොත් ඒක ඇත්ත තත්ත්වය නෙමෙයි”
”අපි විදේශීය පුහුුණුකරුවන්ට ගැති වෙලා නෑ. සමහර විට අපේ අයට පුළුවන් ඊට වඩා හොඳට කරන්න. ඒත් ඒ වගේ දේකට ගියොත් නැති ප‍්‍රශ්න ඇතිවෙන බවත් ඒවා කණ්ඩායමේ කඩාවැටීමට හේතු විය හැකි බවත් අපි දන්නවා. ඒ නිසා විදේශිකයන් සොයන්නේ පරිපාලනමය හේතු නිසා මිසක අපේ අයට අකමැති නිසා නෙමෙයි” යයි ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විධායක කමිටු සාමාජිකයෙක් ඊයේ රාති‍්‍රයේ ‘ලංකාදීප’යට පැවසීය.
ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරුවාට මසකට ඇමරිකානු ඩොලර් 15,000 ක (රුපියල් මිලියන 2 ට ආසන්න මුදලකි) සමග පදිංචිය සඳහා සුඛෝපභෝගී නිවසක්, ඉහළම පන්නයේ මෝටර් රථයක් සහ දුරකතන පහසුකම් දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග වී තිබේ. ඒ සියල්ලද සමගින් වසරකට දින 28 ක් හෙවත් සති හතරක වැටුප් සහිත නිවාඩුවක්ද ජාතික පුහුණුකරුවාට හිමි බවත් දැනගන්නට තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරුවන් සඳහා වූ දැන්වීම් ඊයේ (22 වැනිදා) සිට පළකරන ලද අතර ඉතාමත් ඉක්මනින් අන්තර්ජාලයේද පළ කිරීමට තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.