Last Update  :  2025-10-09 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරුවෝ බංග්ලාදේශය දිනවති

පිතිකරුවෝ බංග්ලාදේශය දිනවති

editorial - 2025 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ, තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ඕවර 18.4 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වූ නුරුල් හසන් පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 23 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ආරම්භක පිතිකරුවන් වූ ටැන්සිඩ් හසන් (51) සහ පර්වේස් හොසේන් (54) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. පන්දු 37 කදී වාර්තා වූ ටැන්සිඩ්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 37 කදී වාර්තා වූ පර්වේස්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 151 ක් ලබාගත් අතර ඇෆ්ඝනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 31 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය. මොහොමඩ් නබී පන්දු 25 කින් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගිනි. 

ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 9 කට 151 
(ඊබ්‍රහීම් සද්‍රාන් 15, රහ්මනුල්ලා ගුර්බාස් 40, අස්මතුල්ලා ඔමර්සායි 18, මොහෙමඩ් නබී 38, ශරෆුඩීන් අෂ්රෆ් නොදැවී 17, රිෂාඩ් හොසේන් 33/2, ටැන්සිම් හසන් 34/2) 

බංග්ලාදේශය - ඕවර 18.4 කදී කඩුලු 6 කට 153 
(ටැන්සිඩ් හසන් 51, පර්විස් හොසේන් 54, නුරුල් හසන් නොදැවී 23, රිෂාඩ් හොස්න් නොදැවී 14, රෂීඩ් ඛාන් 18/4) 

-036 


අදහස් (0)

පිතිකරුවෝ බංග්ලාදේශය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.