Last Update  :  2025-07-25 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරුවෝ පන්ජාබයට ජය ගෙනෙති
අයි.පී.එල්. - 2022

පිතිකරුවෝ පන්ජාබයට ජය ගෙනෙති

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිතිකරුවන්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව මුම්බායිහිදී අද (27 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලිග් තරගාවලියේ 3 වැනි තරගය කඩුලු 5 කින් ජය ගැනීමට පංජාබ්ස් කිංග්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය පංජාබ්ස් කිංග්ස් පිල ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර යැමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් වූ මයන්ක් අගර්වාල් සහ ශීකර් ධවාන් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 43 කදී ලකුණු 71 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දීමට සමත්වූහ.

මයන්ක් අගර්වාල් පන්දු පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් සහ ශීකර් ධවාන් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් ලබාගැනීමට සමත්වූහ.

භානුක රාජපක්ෂ පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 43 ක්, ලයම් ලිවිංග්ස්ටන් පන්දු 10 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 19 ක්, ශාරුක් ඛාන් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 24 ක් සහ ඕඩියන් ස්මිත් පන්දු 8 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 25 ක් ලබාගනිමින් පංජාබ් කිංග්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

මොහොමඩ් සිරාජ් ලකුණු 59 කට කඩුලු 2 ක් දවාගත් අතර ලකුණු 40 ක් ලබාදුන් වනිඳු හසරංගට ලබාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.

කාසියේ වාසිය දිනූ පංජාබ්ස් කිංග්ස් පිලේ ආරාධනයෙන් පළමු පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජ් බැංගලෝර් පිල කඩුලු 2 ක් දැවී ලකුණු 205 ක් රැස්කිරීමට සමත්විය.

නායක ෆෆ් ඩු ප්ලෙසීස් මන්දගාමී ආරම්භයත් ලබාගත්තද පසුව ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 57 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 88 ක් ලබාගත්තේය.

අනුජ් රාවත් සමගින් පළමු කඩුල්ල සඳහා පන්දු 42 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් පැවැත්වූ ෆෆ් ඩු ප්ලෙසීස් ඉන් නොනැවතී විරාට් කෝලී සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 61 කදී ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනගමින් රෝයල් චැලේන්ජ් බැංගලෝර් ඉනිම ගොඩනැගීය.

ෆෆ් ඩු ප්ලෙසීස්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි දිනේෂ් කාර්තික් ද ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 14 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් ලබාගනිමින් රෝයල් චැලේන්ජ් බැංගලෝර් ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන යාමට සමත්විය.

තෙවැනි කඩුල්ල සඳහා පන්දු 17 කදී ලකුණු 38 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට දිනේෂ් කාර්තික් සහ විරාට් කෝලී සමත්වූහ.

පන්දු 29 කට මුහුණදුන් විරාට් කෝලී පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 41 ක් ලබාගනිමින් බැංගලෝර් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

කාසියේ වාසිය දිනාගත් පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක මයන්ක් අගර්වාල් පළමුව පන්දු රැකිරීමට තීරණය කළේය.


රෝයල් චැලේන්ජ් බැංගලෝර්  - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 205
(ෆැෆ් ඩු ප්ලෙසීස්ගේ 88, විරාට් කෝලී නොදැවී 41, දිනේෂ් කාර්තික්ගේ නොදැවී 32)

පංජාබ් කිංග්ස් - ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී 208

(මයන්ක් අගර්වාල් 32, ශීකර් ධවාන් 43, භානුක රාජපක්ෂ 43, ශාරුක් ඛාන් නොදැවී 24, ඕඩියන් ස්මිත් නොදැවී 25, මොහොමඩ් සිරාජ් 59/2)

- 2079


අදහස් (0)

පිතිකරුවෝ පන්ජාබයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.