
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය 45 වැනි වරටත් සංවිධානය කළ ජාතික ස්කොෂ් ශුරතාවලියේ විවෘත පිරිමි ශුරතාව දිනාගැනීමට රවිඳු ලක්සිරිද, විවෘත කාන්තා ශුරතාව දිනාගැනීමට චනිත්මා සිනාලිද සමත් වූහ. රත්මලාන ගුවන් හමුදා කඳවුරු ස්කොෂ් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 110 ක් සහභාගි වූහ.
ක්‍රීඩකයන් 64 දෙනෙක් සහභාගි වූ පිරිමි කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ශමිල් වකීල් පරාජය කරමින් රවිඳු මෙවර ජාතික ශූරතාව දිනාගතතේය. ඔහු පිට පිටම ජාතික ස්කොෂ් ශූරයා බවට පත් වූ 13 වැනි අවස්ථාව මෙය විය. නෙවිඳු ලක්මන් එම ඉසව්වේ තෙවැනි ස්ථානයට පත් විය.
චනිත්මා මෙවර සිය තෙවැනි ජාතික ශූරතාව දිනාගත්තේ ක්‍රීඩිකාවන් 16 දෙනෙක් සහභාගි වූ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස රන්ලියා වුඩ් කරමිනි. ඉෆ්රා ශස්මින් බූසෝ එම ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තාය.
මෙම තරගාවලියේදී පිරිමි කේවල, කාන්තා කේවල, ආධුනික පිරිමි සහ ආධුනික කාන්තා ඉසව්වලට අමතරව වයස 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ පිරිමි ඉසව් මෙන්ම වයස 50 න් ඉහළ, 55 න් ඉහළ සහ 60 න් ඉහළ ප්‍රවීණ පිරිමි ඉසව් යටතේද තරග පැවැත්විණ.
තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ධම්මික විජේසුන්දර මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ විධායක කමිටු සාමාජිකයෝද එම අවස්ථාවට එක්ව සිටියහ.
තරග ප්‍රතිඵල
පිරිමි අවසන් මහ තරගය
රවිඳු ලක්සිරි විසින් තරග වට 3-0 ක් ලෙස ශමිල් වකීල් පරාජය කරන ලදි.
කාන්තා අවසන් මහ තරගය
චනිත්මා සිනාලි විසින් තරග වට 3-0 ක් ලෙස රන්ලියා වුඩ් පරාජය කරන ලදි.





ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.