වසර 50 ක පමණ කාලයක් පුරා ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් සිය කටහඬ වෙහෙසමින් කටයුතු කරන ප‍්‍රවීණතම ගුවන් විදුලි මාධ්‍යවේදියකු වන පාලිත පෙරේරා මහතා ඊයේ (10 වැනිදා) පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සම්මාන උත්සවයේදී ‘කි‍්‍රකට් ජනමාධ්‍ය’ විශිෂ්ටතා සම්මානය හිමිකරගත්තේය.
වසර 1963 දී ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ පාලිත පෙරේරා මහතා 1960 දශකය මුලදී ආනන්ද - නාලන්දා මහ කි‍්‍රකට් තරගයේ විස්තර විචාරය කරමින් සිංහල කි‍්‍රකට් විස්තර විචාරය ශී‍්‍ර ලාංකිකයන්ට හඳුන්වා දුන්නේය.
‘බත්තරමුල්ල වෝටර්ස් එජ්’ හිදී ඊයේ (10 වැනිදා) පැවැති ඩයලොග් - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්ෂික සම්මාන උළෙලේදී පාලිත පෙරේරා මහතාට අමතරව ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පන්හිඳෙන් කළ මෙහෙවර වෙනුවෙන් ඬේලි නිවුස් පුවත්පතේ හිටපු කී‍්‍රඩා කතුවරයකු මෙන්ම දැනට උපදේශක කී‍්‍රඩා කතුවරයකු ලෙසින් කටයුතු කරන එල්මෝ රුද්රිගුපුල්ලේ මහතාත් (ඉංගී‍්‍රසි මාධ්‍යයෙන්) වීරකේසරී පුවත් පතේ උපදේශක කී‍්‍රඩා කතුවරයකු ලෙසින් කටයුතු කරන නෙවිල් ඇන්තනි මහතාත් (දමිළ මාධ්‍යයෙන්) ‘කි‍්‍රකට් ජනමාධ්‍ය’ විශිෂ්ටතා සම්මානය හිමිකරගත්හ.
රුද්රිගුපුල්ලේ මහතා 1961 දී පුවත් පත් කලාවට පිවිසි අතර නෙවිල් ඇන්තනි මහතා 1985 සිට කී‍්‍රඩා මාධ්‍ය කලාවේ නියැලෙන්නෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.