Last Update  :  2026-01-07 19:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පානදුර ක්‍රීඩා සමාජය පළමු ජය ලබයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

පානදුර ක්‍රීඩා සමාජය පළමු ජය ලබයි

editorial - 2026 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතිය යටතේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට පානදුර ක්‍රීඩා සමාජය ඊයේ (4 වැනිදා) විය. මෙවර තරගාවලියේදී පානදුර කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට දුෂාන් විමුක්ති සහ මොහොමඩ් ඩිල්ෂාඩ් ප්‍රමුඛ පානදුර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 61 කට කඩුලු 4 ක් දවාගත් ඩිල්ෂාඩ්, දෙවැනි ඉනිමේදී ලකුණු 51 කට කඩුලු 3 ක් බිඳහෙළමින් ඉනිම් දෙකේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ දමාගත්තේය. 

දෙවැනි දිනය වූ පෙරේදා (3 වැනිදා) කඩුලු 6 ක් දැවී ලකුණු 61 ක් ලබා සිටි පානදුර කණ්ඩායම, අවසන් දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 65 ක් එක්කර ගැනීමට සමත් විය. එහිදී පන්දු 88 කට මුහුණදුන් දුෂාන් විමුක්ති හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කළේය. පළමු ඉනිමේදී නායක ෂෙහාන් ජයසූරියද (69) පානදුර කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය. 

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් පානදුර පළමු ඉනිමේදී ලකුණු 63 කට කඩුලු 3 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 39 කට කඩුලු 5 ක්ද සමග ඉනිම් දෙකේදී කඩුලු 7 ක් දවාගනිමින් දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක්ද (නොදැවී 69) ලබාගැනීමට රවිඳු ප්‍රනාන්දු සමත් විය. එහෙත් ඔහුගේ දස්කම් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය.


පානදුර පළමු ඉනිම - සියලු දෙනා දැවී 285 
(කාංචන ද ලිවේරා 21, විෂ්ව චතුරංග 33, ෂෙහාන් ජයසූරිය 69, දුෂාන් විමුක්ති 40, නිමේෂ් විමුක්ති 52, අසංක මනෝජ් 24, දුවිඳු තිලකරත්න 27/2, රවිඳු ප්‍රනාන්දු 63/2, ජෙෆ්රි වැන්ඩසේ 74/2, දුලාජ් සමුදිත 79/2) 

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 186 
(මිනෙත් ප්‍රේමරත්න 50, අසිත වන්නිනායක 64, රවිඳු ප්‍රනාන්දු 23, අසංක මනෝජ් 41/4, මොහොමඩ් දිල්ෂාඩ් 61/4) 

පානදුර දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 126 
(ෂෙහාන් ජයසූරිය 23, දුෂාන් විමුක්ති නොදැවී 56, රවිඳු ප්‍රනාන්දු 39/5, ළහිරු මධුෂංක 20/2) 

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 167 
(අසිත වන්නිනායක 29, රවිඳු ප්‍රනාන්දු නොදැවී 69, තරිඳු හර්ෂණ 21, දුෂාන් විමුක්ති 17/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 51/3, නිමේෂ් විමුක්ති 45/2) 


අදහස් (0)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.