Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර මුල්තාන්හිදී ඊයේ (12 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 53 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට 3-0 ක් ලෙස ජයගැනීමටද පාකිස්තානයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඕවර 37.2 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 216 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශදාබ් ඛාන් ලකුණු 62 කට කඩුලු 4 ක් බිඳහෙළමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් හසන් අලී සහ මොහොමඩ් නවාස් කඩුලු 2 බැගින් දවාගත්හ.
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අඛීල් හොසේන් පන්දු 37 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 60 ක් රැස්කළද, සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. කීසි කාර්ටි පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක් ලබා සිටියදී දැවී ගියේය.
වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 48 කට සීමා වූ අතර කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම එම ඕවර 48 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 269 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශදාබ් ඛාන් පන්දු 78 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 86 ක් රැසකළේය.
පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ෆකාර් සමාන් (35) සහ ඉමාම් උල්හක් (62) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී පන්දු 68 කට මුහුණදුන් ඉමාම් හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 48 කදී වාර්තා වූ සමාන්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.
පාකිස්තානය - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී 269
(ෆකාර් සමාන් 35, ඉමාම් උල් හක් 62, කුෂ්දිල් ෂා 34, ශදාබ් ඛාන් 86, නිකලස් පූරන් 48/4, කීමෝ පෝල් 57/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 216
(ශායි හෝප් 21, ශාමර් බෘක්ස් 18, කීසි කාර්ටි 33, අකීල් හොසේන් 60, කීමෝ පෝල් 21, රොමාරියෝ ශෙපර්ඩ් 16, ශදාබ් ඛාන් 62/4, හසන් අලී 29/2, මොහොමඩ් නවාස් 56/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.