Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තාන ‘ඒ’ පිල ලබන මස ශ්‍රී ලංකාවේ

පාකිස්තාන ‘ඒ’ පිල ලබන මස ශ්‍රී ලංකාවේ

editorial - 2021 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම නිල නොවන ටෙස්ට් තරග (සිව්දින) 2 ක් සහ නිල නොවන එක්දින 3 ක් සඳහා ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

ලබන මස 21 වැනිදා පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ තරගාවලිය 28 වැනිදා ආරම්භ වේ.

නිල නොවන ටෙස්ට් තරග 2 මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති නමුත් නිල නොවන එක්දින තරග 3 පැවැත්වෙන ක්‍රීඩාංගණය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.


තරග කාලසටහන
ඔක්තෝබර් 28 සිට 31 දක්වා - පළමු නිල නොවන ටෙස්ට් තරගය, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී
නොවැම්බර් 4 සිට 7 දක්වා - දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 10 - පළමු නිල නොවන එක්දින තරගය
නොවැම්බර් 12 - දෙවන නිල නොවන එක්දින තරගය
නොවැම්බර් 15 - තුන්වන නිල නොවන එක්දින තරගය

 


අදහස් (1)

පාකිස්තාන ‘ඒ’ පිල ලබන මස ශ්‍රී ලංකාවේ
  • sam Wednesday, 29 September 2021 05:13 PM

    පිතිකරුවන්ට ආහාර සහ ව්‍යායාම දෙන්න ඕනෑ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.