Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය පාපන්දු පිටියෙන් ඉවතට

පාකිස්තානය පාපන්දු පිටියෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දේශපාලන අතපෙවීම් හේතුවෙන් පාකිස්තානය අන්තර්ජාතික පාපන්දු පිටියෙන් ඉවත් කිරිමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. තුන්වැනි පාර්ශ්වයක මැදිහත්වීම හේතුවෙන් පාකිස්තානු පාපන්දු සම්මේලනය තහනම් කළ බව නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කියා සිටියේය.

අන්තර්ජාතික ක්‍රීඩා පාලක සංගමයක් විසින් කිසියම් රටක් ඉලක්ක කරමින් මෙවැනි සම්පූර්ණ තහනමක් පැනවීමට කටයුතු කිරීම ඉතා දුර්ලභ සිදුවීමකි.

පාකිස්තානු පාපන්දු සම්මේලනයේ අභ්‍යන්තර දූෂණ වංචා මේ තහනමට බලපා තිබේ.

මෙම දූෂණ වංචා හේතුවෙන් එරට පාපන්දු ක්‍රීඩාව පාලනය කිරීමට උසාවියක් මගින් පරිපාලකයකු පත්කරනු ලැබීම නිසා ස්වාධීනව කටයුතු කිරීමට එම සම්මේලනයට ඇති අයිතිය අහෝසිවීමේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ රෙගුලාසි උල්ලංඝනය කිරීමකි. පාකිස්තානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයන්ට සහ එරට ක්‍රීඩා සමාජවලට තවදුරටත් අන්තර්ජාතික තරගාවලිවලට සහභාගිවීමට අවස්ථාවක් නොලැබෙන බව එම නිවේදනයේ දැක්වෙයි.

තම රටේ රජය සම්මේලනයේ කටයුතුවලට අතපෙවීම නිසා මෙවැනි තහනමක් තමා බලාපොරොත්තු වූ බව පාකිස්තානු පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන කර්නල් අහමඞ් යාර් ලෝඩී පැවැසීය.

“අපි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ පිළිගත් සංගමයක්. නමුත් රජය අපේ වැඩකටයුතුවලට මැදිහත්වුණා. අපිට නිදහසේ වැඩ කිරීමට ඉඩ දුන්නේ නෑ.” යයි ලෝඩි ඒ.එෆ්.පී.පුවත් සේවයට ප්‍රකාශ කළේය.

“මේ තත්ත්වය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නීති රෙගුලාසිවලට පටහැනියි. ඒ නිසා ඔවුන් පාකිස්තානු පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වයට තහනමක් පනවන්න තීරණය කළා. එය අවාසනාවන්ත සිදුවීමක්” යයිද කර්නල් අහමඞ් යාර් ලෝඩී මහතා පැවසීය.

වසර 2015දී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මෙවැනිම දේශපාලන මැදිහත්විමක් හේතුවෙන් ඉන්දුනීසියාවට තහනමක් පැනවීමට කටයුතු කළේය. එම තහනම ඉවත් කරනු ලැබුවේ පසුගිය වසරේදීය.

පාකිස්තානයට මේ තහනම පනවා ඇත්තේ ඔවුන්ගේ සම්ප්‍රදායික පසමිතුරා වන ඉන්දියාව අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගමාලාවට සත්කාරකත්වය දරමින් සිටින මොහොතකදීය.

 

- 077


අදහස් (0)

පාකිස්තානය පාපන්දු පිටියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.