Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශයට ගෝල 1-0 ක ජයක්

ප්‍රංශයට ගෝල 1-0 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ ක්‍රීඩක කයිලියන් බාපේගේ ගෝලය හමුවේ පේරු රාජ්‍ය ගෝල 1-0 කින් පරාජයට පත්කරමින් ප්‍රංශය අද(21) අවසාන කණ්ඩායම් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. ‘සී’ කාණ්ඩයේ තරගයක්වූ මෙම තරගය රුසියාවේ එකටරින්බර්ග් ඇරෙනා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

තරගයේ 34 වැනි මිනිත්තුවේදී  ප්‍රංශයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළ කයිලියන් බාපේ ප්‍රංශය වෙනුවෙන් බලාපොරොත්තුවක් ගෙන දෙමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.  ඩෙන්මාර්කය හමුවේ පළමු තරගයම ගෝල 1-0 කින් පරාජයට පත්වූ පේරු රාජ්‍ය අද තරගයද ප්‍රංශය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. 

තවමත් 19 වැනි වියේ පසුවන කයිලියන් බාපේ ලෝක කුසලාන තරගාවලියකදී ගෝලයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩාකයා බවටද ඉතිහාසයට එක්විය. මීට පෙර ප්‍රංශය වෙනුවෙන් ඬේවිඞ් ටේ‍රසිගයිඞ් මෙම වාර්තාව (වයස 20 දී) පිහිටුවා තිබුණි. 

තරගයේ 43 වැනි මිනිත්තුවේදී ප්‍රංශයේ ලුකාස් හර්නෑන්ඩිස්ට ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්තාව නූලෙන්  මගහැරී ගිය අතර නැවතත් 50 වැනි මිනිත්තුවේදී තරගයට අවතීර්ණ වූ පේරු රාජ්‍යයේ පෙඩ්‍රෝ ඇක්යුනෝ දියත් කළ පා පහර කෙලින්ම ගෝල කණුවේ ඉහළ අන්තයේ වැදී පිටතට විසිවී යාම නිසා පේරු රාජ්‍යයේ අවසන් බලාපොරොත්තුවද මගහැරී ගියේය. 

ඩෙන්මාර්කයට සහ ඕස්ටේ්‍රලියාව යන කණ්ඩායම් දෙකෙන් එකකට ‘සී’ කාණ්ඩයේ අවසන් කාණ්ඩායම් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිමට අවස්ථාව ඇති අතර ඒ සඳහා මේ මස 26 වැනිදා තෙක් කණ්ඩායම් දෙකටම බලා සිටීමට සිදුවනු ඇත. 

 

- 024 


අදහස් (0)

ප්‍රංශයට ගෝල 1-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.