Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශය ලකුණු කන්දක් හදාගනී
ලෝක කුසලාන රග්බි - 2023

ප්‍රංශය ලකුණු කන්දක් හදාගනී

editorial - 2023 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේමියන් පීනෝගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය සමගින් ලකුණු කන්දක් හදාගත් ප්‍රංශ ක්‍රීඩකයෝ නැමීබියාවට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 96-00 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. බ්‍රහස්පතින්දා රාත්‍රියේදී, ප්‍රංශයේ මාර්සේල් නුවරදී පැවැති මෙම තරගයේදී ප්‍රංශය පහසුවෙන් ජයගත් නමුත් ඔවුන්ගේ ප්‍රබලතම ස්ක්‍රම්-හාෆ් ක්‍රීඩකයා වන ඇන්තනි ඩියුපොන්ට් තුවාල ලැබීය.

ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ලකුණු 27-12 ක් ලෙසින් නවසීලන්තය පරාජය කළ ප්‍රංශ ක්‍රීඩකයෝ ඊළඟ තරගයේදී ලකුණු 27-12 කින් උරුගුවේ කණ්ඩායම පරාජය කළහ. මේ වන විට ලෝක කුසලාන රග්බි තරගාවලියේ තරග 3 කට පමණක් සහභගිවී සිටින ප්‍රංශය එම තරග තුනේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 150 කි.

උත්සාහක දිනුම් 13 කින්, දඬුවම් උත්සාහක දිනුමකින් ප්‍රංශය ලකුණු ලබාගත් අතර උත්සාහක දිනුම් 13 න් 12 ක්ම ප්‍රවර්තනය කරන ලදි. නැමීබියාවට ලකුණු ලබාගත නොහැකි විය.

තරගයේ 6 වැනි විනාඩියේදීම ඩෙමියන් පීනෝගේ උත්සාහක දිනුම නිසා ප්‍රංශය 5-0 කින් පෙරමුණ ගත්තද, එහි ප්‍රවර්ථනය අසාර්ථක විය. එහෙත් එතැන් සිට සෑම විනාඩි පහකට නැත්නම් හයකට වරක්ම උත්සාහක දිනුමක් තැබීම තරගය පුරා සුපුරුදු දසුනක් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ප්‍රංශය 54-00 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
46 වැනි විනාඩියේදී නැමීබියානු නායක ජොහාන් ඩේසීල් සහ ප්‍රංශ නායක ඩියුපොන්ට් දෙදෙනාගේ හිස් එකට ගැටිණ. ප්‍රංශ නායකයා එතැනින් රෝහලට යද්දී, ඩේසිල්ට රතු කාඩ්පත පෙන්වා පිටියෙන් පිටමං කරන ලදි.

මෙම තරගය සඳහා ප්‍රංශයේ හොඳම කණ්ඩායම තෝරාගත් පුහුණුකරු ෆේබියන් ගැල්ති, උත්සාහක දිනුම් 14 ක් සහිතව නව තරග වාර්තාවක් තැබීමේ අවස්ථාවත් තම කණ්ඩායමට සකස් කර දුන්නේය. අවාසිය වූයේ ප්‍රංශ නායක ඇන්තනි ඩියූපොන්ට්ට රෝහලේදී දිනය අවසන් කිරීමට සිදුවීමයි. මේ දක්වා තරග 14 කදී ප්‍රංශ කණ්ඩායම මෙහෙයවා ඇති ඇන්තනි ඩියුපොන්ට් නායක්වයට දැරූ තරග 14 ම ජයගෙන තිබේ.

තරග තුනක ප්‍රසාද ලකුණු 12 සහ අතිරේක ප්‍රසාද ලකුණත් සමගින් ප්‍රංශය සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 කි. ප්‍රංශය සිය ආසන්නතම ප්‍රතිවාදියා වන ඉතාලියට වඩා ප්‍රසාද ලකුණු 3 ක් ඉදිරියෙන් සිටී. එහෙත් ඉතාලියනුවෝ තරග දෙකකදීම අතිරේක ප්‍රසාද ලකුණත් ලබාගනිමින්, ලකුණු 10 ක් ලබා ඇතත් ක්‍රීඩා කර ඇත්තේ ප්‍රංශයට වඩා තරගයක් අඩුවෙනි.


- 213


අදහස් (0)

ප්‍රංශය ලකුණු කන්දක් හදාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.