Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශය පිට පිටම දෙවරක් අවසන් මහ තරගයේ
කටාර් - 2022

ප්‍රංශය පිට පිටම දෙවරක් අවසන් මහ තරගයේ

editorial - 2022 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පස් වැනි විනාඩියේදීම ගෝලයක් වාර්තා කරමින් මොරොක්කෝව බිඳ දැමූ ප්‍රංශය කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අනිද්දා (18) පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ ඊයේ (14) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් මොරොක්කෝව ගෝල 2-0 කට පරාජය කරමිනි.

ඒ අනුව ආජන්ටිනාව හා ප්‍රංශය අතර 22 වෙනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඉරිදා රාත්‍රි 8.30 ට ප්‍රේක්ෂකයන් 89000කට අසුන්ගත හැකි කටාරයේ ලුසායිල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේ පරාජිතයන් වන ක්‍රොඒෂියාව හා මොරොක්කෝව අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය අනිද්දා (17) පැවැත්වීමට නියමිතව ඇත්තේ අල්රයිහාන්හි ‘කලීෆා’ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ය.

අවසන් වරට පැවැති තරගාවලියේදීත් (2018-මොස්කව්) ශූරයන් වන ප්‍රංශය ඊයේ ලබාගත් ජයග්‍රහණයත් සමග පිට පිටම තරගාවලි දෙකක අවසන් මහා තරගයට ප්‍රවේශවීමට සමත්වීමෙන් ඔවුන්ගේ හැකියාවේ කිසිදු අඩුවක් මේ දක්වා වාර්තාවී නැති බව පෙනේ.
ලෝක කුසලාන අවසන් මහ තරගයට ප්‍රංශය ප්‍රවේශවූ සිව්වැනි අවස්ථාවත් මෙය වේ.

තරගය ආරම්භ වී පස්වැනි විනාඩියේදී තියෝ හර්නැන්ඩස් විසින් ලබාගත් පළමු ගෝලයෙන් පසුව ප්‍රංශය ඉදිරියට පැමිණියේය. කෝලෝ මුවානි 79 වැනි විනාඩියේදී රැස් කළ දෙවැනි ගෝලයත් සමග ප්‍රංශයේ ජයග්‍රහණය ඊයේ සහතික විය.  24 හැවිරිදි කෝලෝ මුවානි තවමත් ප්‍රංශය වෙනුවෙන් ජාත්‍යන්තර තරග හතරකට පමණක් සහභාගි වූවෙකි.

මේ අතර මෙම තරගයෙන් පරාජයට පත්වුවත් මොරොක්කෝ කණ්ඩායමට අල් බයිට් ක්‍රීඩාංගණයට රැස්වූ 68,294 ක් නරඹන්නන්ගෙන් ඉහළම ප්‍රතිචාර හිමි විය. ලෝක කුසලාන තරගාවලියක මේ දක්වා ඉහළටම පැමිණි එකම අප්‍රිකානු රට බවට පත්වූ මොරොක්කෝව හෙට ක්‍රොඒෂියාව මුණගැසීමේ දී අවම වශයෙන් සිව්වැනි ස්ථානයට හිමිවන ඩොලර් මිලියන 25ක තෑග්ගට හෝ හිමිකම් කියනු ඇත.

මොරොන්කෝවේ මෙවර ලෝක කුසලාන තරග ප්‍රගතියෙන් ඉහළම සතුටට පත් එරට වැසියකු වන්නේ එරට පාලනය කරන 6 වැනි මොහොමඩ් රජුය.

‘‘මොරොක්කෝවේ ජනතාවට ගෞරව කිරීම වෙනුවෙන් මම මුළු මොරොක්කෝ කණ්ඩායමටම සුබ පතනවා.’’ ඔහු එසේ පවසමින් ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතාට අවසන් පූර්ව තරගයෙන් පසුව දුරකථනයෙන් සුබපැතීමට ද අමතක නොකළේය.

ප්‍රංශය මෙතෙක් ආ ගමනේ මූලික වටයේදී (‘ඩී’ කාණ්ඩය) ටියුනීසියාව වෙතින් නොසිතූ පරාජයක් (1-0) ලැබීමද කැපී පෙනේ. ප්‍රංශයට පරාජයවීම මොරොක්කෝව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලැබූ පළමු පරාජය ද වේ.

 

- 223


අදහස් (0)

ප්‍රංශය පිට පිටම දෙවරක් අවසන් මහ තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.