Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශ - මොරොක්කෝ සටන හෙට
කටාර් - 2022

ප්‍රංශ - මොරොක්කෝ සටන හෙට

editorial - 2022 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉරිදා (18) පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුස්සන් දෙදෙනා කැඳවා ගෙන යන කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (15) අළුයම 12.30 ආරම්භ වීමට නියමිතය.

මෑත ලෝක කුසලාන තරග ඉතිහාසයේ විශිෂ්ටතම දස්කම් අතරට එක්ව සිටින ප්‍රංශය හෙට මුහුණදෙන්නේ තරමක් වෙනස් අන්දමේ තරගයකටය. මෙවර මේ දක්වා කටාර් ලෝක කුසලාන තරගාවලියේ පෙරලිකාරම කණ්ඩායම ලෙස අවධානය දිනාගත් මොරොක්කෝව අවසන් පූර්ව තරගයේදී ප්‍රංශයට මුණගැසීම අනපේක්ෂිත සිදුවීමකි.

ප්‍රංශය මෙම තරගය පරාජයට පත්වුවහොත් ඉතිහාසයේ පළමු වතාවට අරාබි හා අප්‍රිකානු කලාපය දෙකම නියෝජනය කරමින් ලෝක කුසලාන මහ තරගයට පිවිසි පළමු කණ්ඩායම බවට මොරොක්කෝව පත්වනු ඇත. කෙසේ වුවත් ප්‍රංශයේ සුපිරිම පාපන්දු තරුව ලෙස මෙවර මෙතෙක් වැඩිම ගෝල ලාභියකු (5) වෙමින් ලොවේම අවධානය දිනා ගත් කයිලියන් ම්’බාපේගේ හැසිරීම මෙවර තරගයේදී ඔහුගේ පමණක් නොව සමස්ත ප්‍රංශයේම සායම දියවීම හෝ නොවීම තීරණය කරනු ඇත.

එහෙත් මොරොක්කෝවේ මෙවර ලෝක කුසලාන මෙතෙක් ගමන ‘ආගන්තුක’ වුවත් ඔවුන් හෙට ප්‍රංශය මුණගැසෙන්නේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රබල පෘතුගාලයට (1-0) අමතක නොවන පරාජයන් හිමිකර දෙමිනි. මොරොක්කෝව ප්‍රංශයට මුණගැසෙන මෙම අවස්ථාව කටාරයේ අල් කහුර්හි අල් බයිට් පිටියේදී නරඹන්නන් 70,000 කගේ මුණගැසීමකි. මෙවර තරගය නැරඹීමට අරාබි හා අප්‍රිකානු රටවල කෙතෙක් උනන්දුවක් ඇතිවී තිබේද යත් කටාර් රාජ්‍යය බලා විශේෂ ගුවන් ගමන් වාර 100 කට වැඩි ගණනක් සූදානම්කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) අලුයම 12.30 ට ක්‍රොඒෂියාව හා ආජන්ටිනාව අතර පළමු අවසන් පූර්ව තරගය ප්‍රේක්ෂකයන් 90,000 කට ඉඩ වෙන්කර තිබූ ලුසායිල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි. මෙම අවසන් පූර්ව තරග දෙකටම ලෝකයේම අති මහත් අවධානයක් යොමුවී තිබුණේ ඒ සඳහා නිර්දේශ වී සිටි කණ්ඩායම් හතරම මේ දක්වා තරගාවලියේ සුවිශේෂී තත්ත්වයන් හිමිකර ගෙන සිටි බැවිනි.

ආජන්ටිනාව හා ක්‍රොඒෂියාව අතර පැවැති පළමු අවසන් පූර්ව තරගය දෙපිලේ සුපිරිම ක්‍රීඩකයන් දෙදෙනා වන නායකයන් දෙදෙනාගේද සටනක් බවට පත්ව තිබිණ. ආජන්ටිනා නායක ලයනල් මෙසී හා ක්‍රොඒෂියා නායක ලුකා මොඩ්රික් එම තරගයේ තීරණාත්මක ක්‍රීඩකයන් දෙදෙනා වනු ඇතැයි තරගයට පෙර සිටම අනාවැකි පළවී තිබුණි.

-223


අදහස් (0)

ප්‍රංශ - මොරොක්කෝ සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.