Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු විස්සයි20 තරගයේ ජය නවසීලන්තයට

පළමු විස්සයි20 තරගයේ ජය නවසීලන්තයට

Nisanka Sandeepani - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 47 ක ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට ඕවර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 140 ක් පමණි. සෙත් රෑන්ස් සහ ටිම් සවුති කඩුලු 3 බැගින් දවාගනිමින් කොදෙවේ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අහුරා දැමූහ. 

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් රැස්කළ අතර නායක කාර්ලෝස් බ්‍රැත්වේට් පන්දු 14 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් රැස්කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 187 ක් ලබාගත් අතර නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කොලින් මුන්රෝ (53) සහ ග්ලේන් පිලිප්ස් (55) සමත් වූහ. 

පන්දු 37 කදී වාර්තා වූ මුන්රෝගේ ඉනිමට හf් පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 40 කදී වාර්තා වූ පිලිප්ස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. මිචෙල් සෑන්ට්නර් පන්දු 11 කදී නොදැවී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

නවසීලන්ත පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 187 
(කොලින් මුන්රෝ 53, ග්ලේන් පිලිප්ස් 55, රොස් ටේලර් 20, මිචෙල් සෑන්ට්නර් නොදැවී 23, කාර්ලෝස් බ්‍රැත්වේට් 38/2, ජෙරම් ටේලර් 41/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 19 කදී සියලු දෙනා දැවී 140 
(ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 27, ශායි හෝප් 15, කාර්ලෝස් බ්‍රැත්වේට් 21, ඈෂ්ලි නර්ස් නොදැවී 20, ජෙරම් ටේලර් 20, සෙත් රෑන්ස් 30/3, ටිම් සවුති 36/3, ඩග් බ්‍රාස්වෙල් 10/2) 

 

-036 


අදහස් (0)

පළමු විස්සයි20 තරගයේ ජය නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.